gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැවැන්ත අර්බුදයක් අත ලග! ආණ්ඩුව පෙරලෙන්නත් පුළුවන්!

එළඹෙන වසරේ මාර්තු මාසය පමණ වන විට මෙරට දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කරනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ අදහස් පල කලේය.

ජනවාරි පෙබරවාරි සහ මාර්තු කියන්නේ අපේ තෙත් කලාපයේ වියලි කාලය. ඒ නිසා අපේ කඳුකර ජලාශ හිඳී ගිහින් ජල විදුලි නිෂ්පාදනය කඩා වැටෙනවා. මේක සෑම වසරකම වගේ අපි මුහුණ දෙන තත්වයක්.

පසුගිය ජනවාරි මාසයේ 10 දා විදුලි කප්පාදුව සිදු කිරීම පිලිබඳ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණා. එහිදී මම කිව්වා තෙත් කලාපයේ වියළි කාලය දැන් ඇවිත් තියෙනවා. ජලාශ සිඳී යමින් පවතිනවා. එතැන දී මම කිව්වා දැන් සිටම පැය 3ක් විදුලි කප්පාදුවක් කලොත් වියලි කාලය තුල උපරිම විදුලි කප්පාදුව පැය 5ක තබා ගන්න පුළුවන්. අපි දැන් සිටම පැය 3ක විදුලි කප්පාදුවක් නොකලොත් මාර්තු අග වන විට පැය 12ක් ඉක්ම වූ විදුලි කප්පාදුවක් කිරීමට සිදු වී රට දැවැන්ත දේශපාලන ආර්ථික අර්බූදයකට යන බව මම කිව්වා. නමුත් විදුලි බල මණ්ඩලය නියෝජනය කරපු අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු විතරයි මගේ මතයට පක්ෂ වුණේ. බහුතරය සුපුරුදු පරිදි නිහඬව සිටියා. ජනාධිපතිතුමා ඇතුළු අනෙකුත් ඇමතිවරු එක විනාඩියක් වත් විදුලිය නොකැපිය යුතුයි කියන ස්ථාවරයේ සිට කතා කළා. අවසානයේදී ඒ මතය ක්‍රියාත්මක කරන්න තීරණය වුනා. මම මේ අවදානම කලින් දුටුව නිසා ජනවාරි 21 මාධ්‍ය හමුවක දී මේ ගැන රටට කිව්වා. දැන් අපි අඩු පැය ගණනක් විදුලිය කැපුවේ නැතිනම් මාර්තු අග වන විට අපි බරපතළ අර්බුදයකට මුහුණ දෙන බව එහිදී මා සඳහන් කළා.

අවාසනාවට මාර්තු අග වන විට මගේ අනාවැකිය සැබෑ වෙමින් පැය 14ක විදුලි කප්පාදුවක් ආවා. එය දරාගන්න බැරි ජනතාව පාරට බැස්සා. ජනාධිපති ඇතුළු ආණ්ඩුවට යන්න වුණා. එදා අපි කිව්ව දේ ආණ්ඩුව ඇහුව්වා නම් රට මේ තත්වයට වැටෙන්නේ නෑ. ඔන්න දැන් තවත් මාසයකින් නැවත තෙත් කලාපයේ වියලි කාලය පටන් ගන්නවා. අද තත්වය එදාටත් වඩා භයානකයි. අපේ විදුලි අවශ්‍යතාවයෙන් මෙගවොට් 810ක් නැතිනම් 35%ක් විතර සපයන්නේ නොරොච්චොලේ ගල් අඟුරු විදුලි බලාගාරය. එදා ජූලි මාසය වන තුරුම ප්‍රමාණවත් ගල් අඟුරු තොගයක් අපට තිබුණා. නමුත් දැන් මාස දෙකකට ප්‍රමාණවත් ගල් අඟුරු තොගයක්වත් නෑ කියා විදුලිබල මණ්ඩලය කියනවා. ඒ අතරේ මේ මාසයේ සිට යුරෝපයේ සීත සෘතුව පටන් ගන්නවා. සීත සෘතුවේ උණුසුම ලබාගැනීම සඳහා වැඩි වැඩියෙන් ඉන්ධන භාවිතා වන නිසා ඒකත් එක්ක තෙල් මිල යලි ඉහල නගිනවා. ජලාශ හිඳිලා නිසා ජල විදුලිය නෑ. තෙල් මිල එක්ක තෙල් ගන්න ඩොලර් නෑ. ගල්අඟුරු ගෙනැවිත් නෑ. ලබන වසරේ මාර්තු වන විට මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් තියනවා.

කලින් නායකයෝ අපි කියන දේ ඇහුව්වේ නෑ. උද්දච්ච ස්වරයෙන් තමන්ගේ මතයට තීන්දුව අරන් වැඩ කරන්න ගිහින් ඒ අයත් අමාරුවේ වැටුනා රටත් අමාරුවේ දැම්මා. ඒ නිසා වත්මන් ආණ්ඩුවේ නායකයන්ට අපි කියන්නේ උද්ධච්චව හැසිරෙන්නේ නැතිව විෂය ගැන දන්න අයට සවන් දීලා වියලි කාලයේ මතු වන විදුලි අර්බූදයට මුහුණ දෙන්න දැන් සිටම වැඩසටහනක් සැලසුමක් හදන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

අයිඑම්එෆ් යන්නේ ආර්ථික අර්බූදය වැඩි කරන්න

සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට යන්නේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරලා ආර්ථිකය ස්ථාවර කර ගන්න. ආර්ථිකයේ තිරසර භාවය හදාගන්න. ඒ නිසා තමයි මූල්‍ය අරමුදල පිට දාලා ආදායම් වැඩි කිරීම, වියදම් කප්පාදුව, රාජ්‍ය සේවක කප්පාදුව සහ පෞද්ගලිකරණය වැනි ජනප්‍රිය නොවන තීන්දු ගන්නේ. ඒවා ජනප්‍රිය නොවුණත් ආර්ථිකය ගොඩ ගැනීමට අවශ්‍ය තීන්දු. නමුත් අවාසනාවකට ආණ්ඩුව මූල්‍ය අරමුදලට යන්නේ ආර්ථිකය ගොඩ ගන්න නොවේ. ආර්ථිකය තිරසාර කරන්නවත් ප්‍රතිව්‍යුහගත කරන්නවත් නෙමෙයි. වෙනත් යටි අරමුණකින්.

මෙවර ආණ්ඩුව ඉදිරිපත් කරලා තිබෙන්නේ මැතිවරණ අයවැයක්. මූල්‍ය අර්බුදයක කර වටට ගිලිලා ඉන්න ගමන් අළුත් ආයතන 11ක් අළුතින් හදන්නේ පාක්ෂිකයන්ට රස්සා දෙන්න. ණය අරගෙන අළුත් කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීමට පවා අයවැයෙන් මුදල් වෙන් කරලා තිබෙනවා. මේ අයවැයෙන් රුපියල් ට්‍රිලියන 5ක් ණය ගන්න සැලසුම් කර තිබෙනවා.

ආණ්ඩුවට ණය ගන්න ඕනෑ වුණාට දැන් කවුරුවත් ණය දෙන්නේ නෑ. රට බංකොලොත් නිසා. මූල්‍ය අරමුදලේ සහයෙන් තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කරගෙන ණය ගෙවීම ආරම්භ කලොත් නැවත ණය ලබා ගන්න සුදුසුකම් ලබනවා. ඒ අවස්ථාවේ දී ආණ්ඩුව උත්සාහ දරනවා 2023 අවුරුද්දට පමණක් රුපියල් ට්‍රිලියන 5 ක ණයක් ගන්න. අපට උරුම වෙලා තිබෙන සමස්ත ණය කන්ද ට්‍රිලියන 25ක්. 2023 වසරට විතරක් රුපියල් ට්‍රිලියන 5 ක් එහෙමත් නැත්නම් සමස්ත ණය 20% කින් ඉහළ දමන්නට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුව එක වසරකට ට්‍රිලියන 5ක් වගේ දැවැන්ත මුදලක් කාබාසිනියා කරලා ගෙදර යාවි. නමුත් මේ ණය කන්ද යළි ගෙවීමේ පීඩනය බර දරන්නට වෙන්නේ මේ රටේ අහිංසක දුප්පත් ජනතාවටයි. ඒ නිසා නැවත වතාවක් ගෑස් හිඟයක්, ඉන්ධන හිඟයක්, විදුලි කප්පාදුවක් ඇතිවීමේ අවදානමක් මතු වෙනවා.

ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුව අයිඑම්එෆ් සහාය ලබාගත යුත්තේ මේ ණය කන්ද අඩු කරල ණය බර අඩු කරල ආයෝජන වැඩි කරල මේ ආර්ථිකය තිරසර කරන්න මිසක් ණය උගුලේ තව තවත් සිර කරන්න නෙවෙයි කියන එක.

ප්‍රශ්ණය

ලබන වසරේ විදුලි කප්පාදුව කොතරම් සිදුවේයැයි ඔබතුමා කල්පනා කරනවා ද?

පිළිතුර

අපි මේ පෙන්වා දෙන තත්වයන් පිළිබඳව නිසි සැලසුමක් සහිතව වැඩ නොකලොත් ලබන වසරේ මාර්තු වන විට මේ වසරේ වගේම පැය 12ක 14ක විදුලි කප්පාදුවකට යෑමේ අවදානමක් තියනවා.

ප්‍රශ්ණය

විදුලි බිල වැඩ කිරීම සම්බන්ධයෙන් ඔබතුමා මොකද හිතන්නේ ?

පිළිතුර

ඇත්තටම විදුලි බිල වැඩි කරන්න සිද්ධවෙලා තියෙන්නේ ආණ්ඩුවට විදුලි ජනනය සම්බන්ධයෙන් සැලසුමක් නොමැති නිසා. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉහළ යද්දී වැඩි වැඩියෙන් තෙල් මත රැඳෙමින් විදුලිය නිෂ්පාදනය කිරීමේදී විදුලි බිල වැඩි වෙනවා. අද තෙල් වලට ගෙවන ගානෙන් 50% ක් සූර්ය පැනල භාවිතයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ලබා දුන්නා නම්, ඒ වගේම තමන් සල්ලි හොයාගෙන සුර්ය පැනල සවි කරපු අයගෙන් තෙල්වල මිලෙන් සියයට 50 % ක මිලටවත් විදුලි ඒකකයක් මිලට ගත්තනම් ඒක ආණ්ඩුවටත් වාසී, ජනතාවටත් වාසී. වසර ගණනාවක් මේවා අපි කට කැඩෙනකම් කියනවා. නමුත් අවාසනාවකට සිද්ධ කරන්නේ නැහැ. මොකද මෙතන තියනවා මාෆියාවක්.

ප්‍රශ්ණය

උත්තර ලංකා සභාගයේ ජන සමුළුවලට අවස්ථා කිහිපයක දී ප්‍රහාර විරෝධතා එල්ල වෙනවා කවුද මේවා පිටිපස්සේ ඉන්නේ.

පිළිතුර

මේක අවාසනාවන්ත තත්ත්වයක්. මහනුවරදී විරෝධතාවය පල කරන්න එකතු වෙන්නේ හතරදෙනයි. හතර දෙනාගෙන් එක් කෙනෙක් සජබ තෙල්දෙණිය සංවිධායකගේ පුතා. නුවරඑළියේදී පහරදීමක් සිදුකළ බවට චෝදනා එල්ල වන්නේ හඟුරන්කෙත සජබ සංවිධායකට. අපි ආණ්ඩුවට බනිද්දී සජබ අයට ඇයි රිදෙන්නේ කියල මට තේරුම් ගන්න බෑ.

මෙම මාධ්‍ය හමුව සඳහා පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් උපුල් කෝනාර කොළඹ දිසා තරුණ ලේකම් කවිඳු පීරිස් යන මහත්වරු ද සහභාගි විය.

– Media unit
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka