ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් දෙසැම්බර් 17 වැනිදා අගමැති දිනේෂ් ගුණවර්ධන අත එවා තිබූ විශේෂ දළදා ප්‍රදර්ශනයකට අදාල ලිඛිත ඉල්ලීම සම්බන්ධයෙන් මල්වතු හා අස්ගිරි කාරක සංඝ සභා හිමිවරුන් බහුතරයකගේ විරෝධය ප්‍රකාශ වී ඇති බැව් දැනගන්නට තිබේ.
මල්වතු හා අස්ගිරි විහාරවල කාරක සභාවක සංඝයා වහන්සේලා විසි දෙනෙකු බැගින් හතළිස් දෙනකු සිටිති.
ඔවුන්ගෙන් බහුතරයක් මෙම දළදා ප්‍රදර්ශනයට විරුද්ධත්වය දක්වා තිබේ. ඊට හේතු වශයෙන් ප්‍රකාශ වන්නේ අද රට මේ පවතින අරාජික තත්වයට ආර්ථික පරිහානියට දේශපාලනඥයින් දැඩිසේ වගකිව යුතු බවය.
දළදා ප්‍රදර්ශනයක් පවත්වා දේශපාලන වාසි ලබා ගැනීමට අර අදින සෙයක් පෙනෙන්නට ඇති බවත් උන්වහන්සේ ලා ප්‍රකාශ කර ඇත.
ස්වභාවික විපතක් ස්වභාවික ආපදාවක් වැනි තත්ත්වයකදී රටට සෙත් පතා මහජන සුබ සිද්ධිය වෙනුවෙන් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමේ වරදක් නැති බව ද ස්වාමීන් වහන්සේලා අවධාරණය කරති.
අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පවත්වා ඇත්තේ 2009 මාර්තු 06 වැනිදාය
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡාවක් පවත්වා හෝ නිශ්චිත තීරණයක් ගැනීමට මල්වතු අස්ගිරි කාරක සංඝ සභික ස්වාමින් වහන්සේලා පියවර ගෙන නැති බවද දැනගන්නට ඇත.
අගමැතිවරයා මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැ දැක ලබාදී තිබු ලිඛිත ඉල්ලීමට අමතරව එම ඉල්ලීම දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාට ද ලබාදී තිබිණි.

- lankasara