gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හොර ඔප්පු හදා මදුරන්කුලියේ අක්කර 15ක් රංගෙ බණ්ඩාරට ලක්ෂ 233කට විකුණලා!

මුන්දලම, මදුරන්කුලිය ප්‍රදේශයේ  පිහිටි උණවේලි වත්තෙන් අක්කර පහළොවක් ව්‍යාජ ඔප්පු සකස් කර පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ‍ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාට රුපියල් ලක්ෂ 233 ක මුදලකට විකුණා වංචාවක් කළේ යැයි කියන මධ්‍යම පරිසර අධිකාරියේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් සැකපිට රහස් පොලිසිය විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගනු ලැබීය. 
 
මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාලබේ ප්‍රදේශයේ පදිංචි පනස් තුන් හැවිරිදි අයෙකි.

සැකකරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මෙම ඉඩම ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමට කලින් මෙම ඉඩමෙන් අක්කර විස්සක් සඳහා ව්‍යාජ ඔප්පු සකස් කර පෞද්ගලික බැංකුවකට ඉදිරිපත් කර ලක්ෂ 47ක මුදලක් වංචාවෙන් ලබාගෙන ඇතැයි ද රහස් පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතාට විකුණා ඇත්තේ ව්‍යාජ ඔප්පු සකස් කර පෞද්ගලික බැංකුවකට උකස් කළ අක්කර 20 ඉඩමෙන් අක්කර පහළොවකට ව්‍යාජ ඔප්පු සකස් කර බව පරීක්ෂණ වලින් හෙළි විණි යැයි රහස් පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රහස් පොලීසියේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ අංක ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසිනි. මෙම චෝදනා දෙක  සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමේදී හෙළිවූ තොරතුරු මත ඔහු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි එම උසස් නිලධාරියා කීය. අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් රහස් පොලීසියේ එම ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka