සමගි ජන බලවේගයේ ඉදිරි පෙළ මන්ත්‍රීවරුන් තිදෙනෙක් ආණ්ඩුවට එක් වීම සඳහා සාකච්ඡා කොට මේවන විට අවසන් තීරණයකට පවා එළඹ ඇතැයි වාර්තා වේ.
කළුතර, කෑගල්ල සහ මහනුවර දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් මේ ආකාරයෙන් ආණ්ඩුවට එක්වීම සඳහා සූදානමින් පසු වන බවද සඳහන්.
අදාළ මන්ත්‍රීවරුන් තිදෙනාට ඉදිරි කැබිනට් සංශෝධනයේදී ලබා දීමට නියමිත ඇමති ධුරයන් පිළිබඳව ද මේවන විට සාකච්ඡා කොට අවසන් තීරණයකට එළඹ ඇතැයි ද දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
කෙසේවුවද මෙම මන්ත්‍රීවරුන් තිදෙනා හැර සමගි ජන බලවේගයේ වෙනත් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් කර නොගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් අදාළ පාර්ශ්වයන්ට දැනුම් දී ඇතැයි ද සඳහන්.
එයට හේතු වී ඇත්තේ එසේ තවදුරටත් මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් වුවහොත් විපක්ෂ නායක ධුරය සමගි ජන බලවේගයට අහිමි වන නිසා බවත්, සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය අහිමි වීම ආණ්ඩුවේ ඉදිරි දේශපාලන උපාය මාර්ගවලට සෘජු බලපෑමක් එල්ලවන නිසාත් ය.