හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතර හදිසි හමුවක් සිදුව ඇතැයි වාර්තා වේ.
මෙම හමුව සිදුව ඇත්තේ නම ගිය කොළඹ තරු හෝටලයක වන අතර, එහිදී මහින්ද රාජපක්ෂ මහතා හා දේශබන්දු තෙන්නකෝන් මහතා විනාඩි 30ක පමණ කාලයක් සාකච්ඡා කර ඇති බවද සඳහන්.
මෙම හදිසි හමුව අතරතුර සාකච්ඡා වී ඇත්තේ රටේ පවතින දේශපාලන වාතාවරණය හා ඇතැම් දේශපාලනඥයන්ගේ පෞද්ගලික ජීවිතවල තොරතුරු සම්බන්ධයෙන් බවත් අභ්‍යන්තර ආරංචිමාර්ග ස`ඳහන් කරයි.
එහිදී හිටපු අගමැතිවරයා ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් ඉතා කණගාටුවෙන් කතා කර ඇති අතර, පසුගිය කාලයේ තමා සමීපයේ සිටි මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රශ්නවලදී පවා මැදිහත් වූ හැටි සිහිපත් කළ හිටපු අගමැතිවරයා, ඔවුන් දැන් දේශපාලනිකව තමා හැරගොස් සිටින ආකාරයද ඉතා කණස්සල්ලෙන් යුතුව පවසා ඇති බව අදාළ ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.

- gossipfans