gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ 11ක් ඩලස් පිලට! ඩලස් – චම්පික – විමල් – මෛත්‍රීගෙන් අලුත් සන්ධානයක්!

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, 43 ​සේනාංකය, අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය එක්ව සන්ධානයක් යටතේ තරග කිරීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. 
ඒ සම්බන්ධයෙන් එම පක්ෂවල හා කණ්ඩායම්වල නායකයන් අතර සාකච්ඡා මේ වන විටත් ආරම්භ වී තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා නිදහස් ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී. එල්. පීරිස් ඇතුළු කණ්ඩායම් අතර සාකච්ඡා වට කිහිපයක් ​මේ සම්බන්ධයෙන් පැවැති අතර දෙපාර්ශ්වය අතර තීරණාත්මක සාකච්ඡාවක් පසුගියදා හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවති බවද වාර්තා වනවා.

මේ අතර නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් නිදහස ජනතා සභාව සහ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ ඇතුළු කණ්ඩායම අතර ද වෙනම සාකච්ඡා වට කිහිපයක් පැවති අතර නව සන්ධානයක් පිහිටුවීමට කෙරෙන සාකච්ඡා යැයි ඊට සහභාගි වූ පක්ෂ නායකයෙක් ප්‍රකාශ කළා.

මේ අතර නිදහස් ජනතා සභාව සහ 43 වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා අතර ද සාකච්ඡා වට කිහිපයක් පැවති අතර, චම්පික රණවක මහතාද එම සන්ධානයට සම්බන්ධ වනු ඇතැයි වාර්තා වනවා.

මේ අතර ඩලස් පාර්ශවය ඇතුළු පක්‍ෂ කිහිපයක් පළාත් පාලන මැතිවරණය සදහා ගොඩනගන සන්ධානයට සහාය දැක්වීමට ශ්‍රී ලකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සහාය දැක්වීමට මේ වනවිටත් එකගතාව පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ​පොදුජන පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය එක්ව සන්ධානයක් යටතේ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති අතර, ශ්‍රීලනිපය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය, 43 වැනි සේනාංකය වෙනම සන්ධානයක් යටතේ  මැතිවරණයට තරග කරනු ඇති.

සමගි ජන බලවේගය වෙනම ද ජාතික ජන බලවේගය වෙනමද තරග කරනු ඇතැයි වාර්තා ​වනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka