පළාත් පාලන මැතිවරණය කෙසේ හෝ කල් දමා ගැනීමේ අරමුණින් අද දින 21 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවූ ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කොට අවසන් කිරීමට ආණ්ඩුව තීරණාත්මක උත්සාහයක් දැරීමට සැලසුම් කර ඇති බවට විපක්ෂය වෙත තොරතුරු ලැබී තිබේ.
මේ වනවිට ආණ්ඩුවේ සහ විපක්ෂයේ නියෝජිතයන් ඊට පත්කොට ඇති අතර විපක්ෂයේ එකගතාව මත සිවිල් පුරවැසියන් පමණක් ඊට පත් කිරීමට නියමිතව ඇත.
ඒ අනුව අද දින අදාළ තනතුරු පිරවීම සදහා අද පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂනායකවරයාට දැඩි බලපෑමක් එල්ල කිරීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් සැලසුම් කොට ඇති බව වාර්තා වේ.
යම් හෙයකින් එම තනතුරු අද දින පිරවීමට නොහැකි වුවහොත් දැනට පත්කොට සිටින සාමාජිකයන්ගෙන් ව්‍යවස්ථාදායක සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීමටත්, ඊට අවශ්‍ය නීතිරීති සකස් කිරීමටත් ආණ්ඩුව තීරණය කොට ඇති බවද විපක්ෂය වෙත තොරතුරු අනාවරණය වී ඇත.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ කටයුත්ත ජනවාරි 5 වැනි දින දක්වා කල් තැබූවේද ආණ්ඩුවේ මෙම සැලසුමට අනුව බව විපක්ෂය වෙත තොරතුරු වාර්තා වී තිබේ.
ඒ අනුව මෙම කටයුතු පිළිබද විපක්ෂය දැඩි අවධානයෙන් පසුවන බවත්, මැතිවරණය කල් දැමීමට ගන්නා සියලු උත්සාහයන් පරාජය කිරීමට සැලසුම් කරමින් සිටින බවත් දැනගන්නට ඇත.