gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හේමාස්, නවලෝක, ලංකා හා වෙස්ටන් වකුගඩු ජාවාරම් රිපෝට් එක මිසින්!

ඉන්දීය ආරක්ෂක අංශ විසින් වසර 2013 දී හෙළිකර ගන්නා ලද හේමාස්, නවලෝක, ලංකා හොස්පිටල් හා වෙස්ටර්න් හොස්පිටල් හි සිදුකරන ලදැයි කියන වකුගඩු ජාවාරම සම්බන්ධ තොරතුරුවලට අදාළ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර කමිටු වාර්තාව මේවන විට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අතුරුදහන්ව ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. 
එම කාලයේදී අදාළ වාර්තාව වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට බාරදී තිබී ඇත.

ඔවුන් විසින් එය සෞඛ්‍ය අමාත්‍යංශයේ තැන්පත් කර තිබී ඇති අතර මේවන විට එය අතුරුදහන්ව ඇතැයි පැවසේ.

වසර 2014 මාර්තු 22 වැනිදා දිලිප් මාරු නැමැති ඉන්දිය තරුණයෙකු ලංකාවේදී මිය යාමත් සමග මේ ජාවාරමේ තොරතුරු හෙළිදරව්වී තිබිණි.

ලංකාවේදී සිදු කරන ලද මරණ පරීක්ෂණයේදී ඔහුගේ මරණයට හේතුව හෘද රෝගයක් බව වාර්තා කර තිබුණි.

කෙසේවුවද එය සැක කළ දිලිප්ගේ ඥාතීන් ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයට මල සිරුර ගෙන ගොස් යළි මරණ පරීක්ෂණය සිදු කිරීමේදී ඔහුගේ වකුගඩුව ඉවත් කර ඇති බව අණාවරණය විය.

එමෙන්ම ඔහුගේ ඊමේල් පරීක්ෂා කළ පොලිසියට වකුගඩු ජාවාරම පිළිබඳ තොරතුරු හෙළිදරව් විය.

පවන් ශ්‍රී නිවාස් හා ඉන් වෙන්කටේෂ් නැමැති දෙදෙනා ඉන්දිය පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නේ ඉන් අනතුරුවය.

එම වකුගඩු ජාවාරමට තලවතුගොඩ හේමාස් රෝහල සම්බන්ධ බවටද වෛද්‍ය මොනික් අඹේපිටිය නැමැත්තෙකු මෙහි සම්බන්ධීකරණය සිදු කරන බවටද සැත්කම් සිදු කිරීම සඳහා ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරයෙකු සම්බන්ධ වන බවටද එවකට පුවත්පත් වාර්තා කර තිබිණි.

එසේම වකුගඩු පිළිබඳ විශේසඥ වෛද්‍ය රංග මිගාර වීරක්කොඩිගේ නමද මේ ජාවාරමට ඈඳී තිබිණි.

ජාවාරම්කරුවන් ඉන්දියාවේ පූනේ, මුම්බායි, අහමදාබාද් හා හයිදරාබාද් ආදී ප්‍රදේශ වල තරුණයන් වකුගඩු විකිණීමට එකඟ කරගන්නා බවත් එක් තරුණයෙකු එලෙස ලංකාවට ගෙනත් දුන් විට වකුගඩුව ලබා ගන්නාගෙන් ඔවුන්ට ඉන්දියන් රුපියල් ලක්ෂ 30 ක් ලැබෙන බවත් ජාවාරම්කරුවන් එකළ පාපොච්චාරණයක සඳහන්ව ඇත.

ඉන් ලක්ෂ 15ක් සැත්කම කරන ලංකාවේ වෛද්‍යවරයාට ලබාදෙන අතර තවත් ලක්ෂ 10ක් ජාවාරම්කරුවා විසින් ලබා ගන්නා බව එහිදී හෙළිව තිබිණි.

ඉතිරි ලක්ෂ පහෙන් කොටසක් තරුණයා ලංකාවට ගෙන ඒමේ ගුවන් ගාස්තු නවාතැන් ගාස්තු කෑම බීම ආදියට වැය වන අතර වකුගඩුව වෙනුවෙන් එම දිළිඳු තරුණයන්ට ලබා දෙනුයේ ඉන්දියානු රුපියල් ලක්ෂ තුන හමාරක පමණ සොච්චම් මුදලක් බවද එකළ වාර්තා විය.

අදාළ වකුගඩු ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරුන් ලෙස ලංකාවේ වෛද්‍යවරුන් වන මාධව, මොනික්, සාධනා, චමිලා, නිරෝශනී, හබිබා සහීබ් යන වෛද්‍යවරුන් හය දෙනාගේ තොරතුරු හෙළිදරව් වී තිබේ.

සැබැවින්ම ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කර ඇත්තේ මේ වෛද්‍යවරු හයදෙනාය.

ශ්‍රී ලංකාවේ නීතිය අනුව ශරීර ඉන්ද්‍රියයන් ගනුදෙනුවක්‌ බවට (මුදලට විකිණීම) පත්කිරීම තහනම්ය.

ඒ 1991 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දුන් ආචාර ධර්මයන්ටද යටත්වය.

වකුගඩු විකිණීම මිලදී ගැනීම 1987 අංක 49 දරන පනතේ 17 වැනි වගන්තියට අනුව වසර 2 කට නොවැඩි කාලයක්‌ සිරදඩුවම් ලැබීමටත් රුපියල් 15000 ට වැඩි මුදලකට යටත්වීමටත් වන වරදකි.

නීති විරෝධී මිනිස් අවයව ජාවාරම වකුගඩු මාෆියාව විසින් වසර ගනනාවක් පුරා සිදු කරන අතර මෙතෙක් කිසිවෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැත.

-srilankamirror


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka