ජනතාවට ඉන්නේ ෆොන්සේකා විතරයි.. ඔහු නිවට සජිත් අතහැර පෙරට ආ යුතුයි – නාගානන්ද
පාර්ලිමේන්තු මංත්‍රී සරත් ෆොන්සේකා 4 දෙනාගේ කල්ලිය මෙන් පර්මිට් වාහන විකුණා රජයේ බදු වංචා කර නැත. රනිල් සමග එක්ව ඡන්ද කල්දමා ජනතාව රනිල්ට පාවාදී නැත.
නාගනන්ද කිසිදා හොරෙක්ව පිළිගන්නේ නැත. නාගානන්ද පර්මිට් වාහනය ගැන සරත් ෆොන්සේකාව සෘජුවම ප්‍රශ්න කළේය. ඔහුගේ සෘජු පිළිතුර වූයේ තමන් රජයේ බදු වංචා කිරීමේ අපරාධය කර නැති බවත් ලබාගත් පර්මිට් වාහනය අදටත් පාවිච්චි කරන බවත්ය.
නමුත් ජවිපෙ කල්ලිය පර්මිට් වාහන විකුණා එක් අයකු රජයේ බදු ආදායම රුපියල් ලක්ෂ 51 බැගින් වංචාකල බව නාගානන්ද සාක්ෂි ඇතිව රට්ටුන්ට සනාථ කළේය.
සරත් ෆොන්සේකාගේ දේශපාලන කියවීම ගැන කිසිම මතයක් පලකිරීමට ප්‍රමාණවත් කරුණු නාගානන්ද සතුව නැත. එසේ වුවද නිවටයකු වූ හොරුන් පිරිවරාගත් සජිත් ප්‍රේමදාසව නායකයෙක් ලෙස පිළිගන්නා දිනයක් පාසා සරත් ෆොන්සේකාට කිසිම දේශපාලන අනාගතයක් නැති බව ද කිව යුතුය.
ජනතාවට ඉන්නේ ෆොන්සේකා විතරයි.. ඔහු නිවට සජිත් අතහැර පෙරට ආ යුතුයි – නාගානන්ද
2022-12-06T14:10:00+05:30
Lanka Hot News






