gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විදුලි ඒකකයක් රු. 56ට හදලා තවත් නම් රු. 8ට විකුණන්න බෑ… බිල වැඩි නොකළොත් දවසින් භාගයක් රට ම කළුවරේ – බලශක්ති ඇමැති

විදුලිය බිල ජනවාරියේ අනිවාර්යෙන්ම වැඩි කළ යුතු බවත් එසේ වැඩි නොකරන්නේ නම් අඳුරු යුගයකට යෑමට සිදුවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. විදුලිය ගාස්තු සංශෝධනය නතර කළ හැක්කේ අනිවාර්යෙන්ම පැය හයක අටක විදුලි කප්පාදුවකට යෑමෙන් පමණක් බව ඇමැතිවරයා අවධාරණය කළේය.

විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 56.90ක් වැය වන බවට උපකල්පනය කර ඇති බවත් විදුලිය බල මණ්ඩලය ඉල්ලූ සංශෝධනවලට මහජන උපයෝගීතා කොමිසම පසුගිය කාලයේදී අනුමැතිය ලබා නොදුන් බවත් ඔහු පැවසුවේය.

“විදුලි ඒකක 30 දක්වා පරිභෝජනය කරන පවුල් දාහතර ලක්ෂ හැට දාහකට ඒකකයක් සඳහා අය කරන්නේ රු. 8යි. ඒකක 30-60 දක්වා කාණ්ඩයේ පවුල් දහසය ලක්ෂ අසූ දාහක් ඒකකයක් සඳහා ගෙවන්නේ රු. 10යි. විදුලිය ගාස්තු සංශෝධනය කරන්නේ පසුගිය පාඩු පියවන්න නොවෙයි.

රුපියල් කෝටි 42,300ක් විදුලිබල මණ්ඩලයට ලැබෙන්න ඕන. ඉන්ධන ටික ගන්න දැවි තෙල් ටික ගන්න ඒ මුදල ලැබෙන්නේ නැත්තම් මණ්ඩලය පවත්වාගෙන යන්න බැහැ. ඒකයි විදුලිය ගාස්තු සංශෝධනය කරන්නෙ. අද කාටත් අමාරු බව පිළිගන්නවා.

පෞද්ගලික බලාගාර වලට රුපියල් කෝටි හත්දහසක් ගෙවන්න තියෙනවා. ඒ වගේම පෞද්ගලික සැපයුම්කරුවන්ට කෝටි හාරදහසක් ගෙවන්න තියෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka