වෛද්‍ය විශේෂඥවරුන් ගුවන්තොටුපොළේ දී මෙන්ම විදේශ තානාපති කාර්යාල වල දී අපරාධකරුවන් හෝ ත්‍රස්තවාදීන් ලෙස අපහාසයට පත් කිරීමට උත්සාහ කිරීමක් ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
මේ බව පවසමින් එම සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය නිවේදනය
සෞඛ්‍ය ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපගේ ප්‍රතිචාරය
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස නොවැම්බර් මස 29 වැනි දින ගරු සෞඛ්‍ය ඇමති තුමා විසින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට අප දැඩිව විරෝධය පළ කරන අතර එය පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරමු. මෙම ප්‍රකාශය විශේෂඥ වෛද්‍යවරුන්ට කළ අපහාසයක් වන අතර එමගින් ඉදිරියේදී සිදුවිය හැකි අනිසි බලපෑම් ගැන අප දැඩි අවධානයෙන් බලා සිටිමු.
එතුමාගේ ප්‍රකාශයට අනුව මින් පසුව රජය විසින් නිවාඩු අනුමත කිරීමකින් තොරව විශේෂඥ වෛද්‍යවරුන් රැකියාවන් සඳහා විදේශගත වීමට දරන උත්සාහය වැලැක්වීමට තානාපති කාර්යාල හරහා ඔවුන්ට අවශ්‍ය වීසා නිකුත් කිරීම නවත්වන ලෙස උපදෙස් දෙනු ඇත. රටේ වත්මන් ආර්ථික තත්ත්වය අනුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෑම අංශයකම නිලධාරීන් විදේශගත වීම නොවැලක්විය හැකි වී ඇති අතර රජයේ අවසරයකින් තොරව එසේ විදේශගතවීම ආයතනික සංග්‍රහය ට විරුද්ධව ක්‍රියා කිරීමක් බව අප පිළිගන්නා අතර එහිදී ක්‍රියාකළ යුතු වන්නේ එම නිලධාරීන් සේවය අතහැර ගියා සේ සළකා යම්කිසි වන්දි මුදලක් අය කර ගැනීමට ඇත්නම් එය අයකර ගැනීමට කටයුතු කිරීමයි.
නමුත් අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව මෙහිදී විශේෂඥ වෛද්‍යවරුන් පමණක් ඉලක්ක කර මෙම ප්‍රකාශය නිකුත් කර ඇති බව පැහැදිලි වන අතර මෙය පුද්ගලයින්ට සම ලෙස සැලකීමේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ව්‍යවස්ථාවේ අංක 12 වගන්තිය ප්‍රකාර මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්ද වනු ඇත. තවද එම ප්‍රකාශයට අනුව ව්‍යවස්ථාවේ අංක 14(1)(h) සහ 14(1)(i) යන නිදහසේ සංචාරණය සඳහා ඇති අයිතිය කඩකිරීමක්ද වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය අගයන ඕනෑම සමාජයක මෙම නව යෝජනා පිළිගත නොහැකි කාරණයක් වනු ඇත.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස අප මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන අතර මෙහිදී මෙම නිලධාරීන් අපහාසයට හා අනවශ්‍ය බලපෑම් වලට ලක් නොකර ඔවුන්ට විදේශගත වීමට අවශ්‍ය නිවාඩු අනුමත කිරීම හා සේවයෙන් ඉවත් වීමට අවශ්‍ය නම් ඊට අවශ්‍ය කටයුතු නිසි ලෙස සම්පාදනය කර දෙන ලෙස අපි ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිමු.
මෙහිදී තවදුරටත් විදේශ ගත වීමට අදහස් කරන වෛද්‍යවරු එලෙස විදේශගත වීම අධෛර්යමත් කිරීම සඳහා ගුවන්තොටුපලේ දී එම නිලධාරීන්ට රටින් පිටවීමට ඉඩ නොදෙන ලෙස දන්වා සිටින බවද ප්‍රකාශ කර ඇත. මෙලෙස මෙම වෛද්‍ය විශේෂඥවරුන් ගුවන්තොටුපොළේ දී මෙන්ම විදේශ තානාපති කාර්යාල වල දී අපරාධකරුවන් හෝ ත්‍රස්තවාදීන් ලෙස අපහාසයට පත් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අපි පුදුම සහගත වෙමු. අප සංගමය මෙම තත්ත්වය දැඩි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන අතර මෙම තත්ත්වය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැක.
එලෙසම ඇමතිතුමාගේ ප්‍රකාශයට අනුව මෙම විශේෂඥ වෛද්‍යවරුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකත්වය අහිමි කිරීමට ද කටයුතු කරනු ඇත. මෙහිදී වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය හා රෝගින් ගේ සුබසාධනය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ලබා දී ඇති බලතල ඇමතිතුමා විසින් බලෙන් පවරා ගැනීමට උත්සාහ කිරීම ඉතා අනීතික ක්‍රියාවකි. නොවැම්බර් මස 29 වැනි දා සිදු කළ මෙම ප්‍රකාශය ට අනුව මෙසේ විදේශගතවීමට තැත් කරන වෛද්‍යවරුන් වෙනම “කළු” ලේඛනයකට ඇතුළත් කිරීමටද ඇමති තුමා අදහස් කරන බව පෙනේ.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම අත්තනෝමතික ප්‍රකාශය අන්තර්ජාතිකව ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරුන්ගේ කීර්තියට සිදුකරනලද බරපතළ හානියක් ලෙස දකිමු. එතුමාගේ මෙම ප්‍රකාශය විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෘත්තීයමය තත්ත්වයට දැඩි හානියක් මෙන්ම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීම් සිදුකරන ප්‍රකාශයක් ලෙස අපි දකිමු. ශ්‍රී ලාංකික විශේෂඥ වෛද්‍යවරුන් අන්තර්ජාතික ලෙස ඉතා ඉහළ පිළිගැනීමක් ඇති වෘත්තිකයන් කණ්ඩායමක් වන අතර ඒ සඳහා දිගු කාලයක් තිස්සේ ඊට අවශ්‍ය කරන පසුබිම එම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පුද්ගලයන් විසින් දැඩි කැපකිරීම් මත ලබා ගත් අතර කිසියම් පුද්ගලයෙකු ට හෝ පුද්ගලයන් කණ්ඩායමක ගේ අවශ්‍යතා පිරි මසා ගැනීම සඳහා මෙම තත්ත්වය නැතිකර දැමීමට අපට ඉඩ දිය නොහැකි බව අපි අවධාරණය කරමු.
විශේෂඥ වෛද්‍යවරුන්ගේ කාර්යභාරය අවතක්සේරු කරන, අප හොඳින් දන්නා, විශේෂඟ සුදුසුකම් නොලත් වෛද්‍ය පරිපාලන නිලධාරීන් සමූහයකගේ උපදෙස් මත අමාත්‍යවරයා මෙම අදහස් පැවසීම ඉතා කනගාටුදායක කරුණකි. විශේෂඥ වෛද්‍යවරුන් අපහාසට ලක් කිරීම, සුළු කොට තැකීම මෙන්ම ඔවුන්ට අනවශ්‍ය අඩන්තේට්ටම් කිරීමට විරුද්ධව අප සංගමය එක්වී කටයුතු කරන බව මෙයින් අවධාරණය කරමු. මෙහිදී ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට මෙම තීරණය සම්බන්ධයෙන් තවදුරටත් අවධානය යොමු කොට වෛද්‍ය ක්ෂේත්‍රයේ සුබවාදී භාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන මෙන් අප ඉල්ලා සිටිමු.
– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය