අසරිමත් ක්‍රීඩා මංගල්‍යය නිමා කරමින් අතිශය උද්වේගකර අවසන් මහා තරගයකින් අනතුරුව 2022 ලෝක කුසලාන පාපන්දු ශූරතාවය ආර්ජන්ටිනාව විසින් දිනා ගත්තේය. කටාරයේ ලුසලි ක්‍රීඩාංගණයේදී තරගය ඊයේ රාත්‍රී ශ්‍රී ලංකා වෙලාවෙන් 8.30ට ආරම්භ වූයේය.
ලෝකයේ වැඩිම පිරිසක් එක අවකාශයක එක් ඉලක්කයක් කරා යොමු කළ ලෝක කුසලාන අවසන් මහා තරගය පරිමාප්තයෙන්ම ක්‍රීඩාවේ ආකර්ශනය පිරී ගිය තරගයක් වූයේය.
තරගයේ මුල් අර්ධය මුලුමනින්ම පැවතුනේ ආර්ජන්ටිනාව අතේය. ගෝල 2 -0 ලෙස ආර්ජන්ටිනාව ප්‍රංශ යටකොට සිටියේය. ප්‍රංශ තරුව කෙලින් එම්බැපේ සිටියේ මුලුමනින්ම වැසී ගොස්ය. අතිශය ආකර්ශනීය සහ වේගවත් ක්‍රීඩා විලාශයක් ප්‍රකට කරමින් කණ්ඩායමක් ලෙස ආර්ජන්ටිනාව ක්‍රීඩා කළේය.
ලියෝනල් මෙසී 23 වැනි මිනිත්තුවේ දී ප්‍රංශ දැල් රකින්නා මුලුමනින්ම මුලා කරමින් විශිෂ්ට දඬුවම් පහරක් ලබා ගත්තේය. අනතුරුව 36 වැනි මිනිත්තුවේ දී කණ්ඩායමේ සංකලනයක් ලෙසින් දැල අසලට ගෙනා පන්දුව ඒන්ජල් ඩිමාරියා විසින් විශිෂ්ට ගෝලයක් බවට පරිවර්තනය කළේය.
එහෙත් දෙවැනි අර්ධයේ ප්‍රංශ කණ්ඩායමේ ජවය මතුවී ආවේය. කෙලින් එම්පැපේ වසා දැමීමට දෙවැනි ආර්ධයේ දී ආජන්ටිනා ක්‍රීඩකයින්ට කිසිසේත් හැකි වූයේ නැත. දෙවැනි අර්ධයේ 80 වැනි මිනිත්තුවේ දඬුවම් පහරකින් මුල් ගෝලය වාර්තා කළ එම්බැපේ ඉන් මිනිත්තුවකින් අනතුරුව දෙවැනි ගෝලය වාර්තා කළේය. ගෝල සම වී අතිරේක කාලය දක්වා තරගය දිව ගියේය.
අතිරේක කාලයේ 108 වැනි මිනිත්තුවේ දී ලයනොල් මෙසී යළිත් ක්‍රියාත්මක වූයේය. ඔහු අවසන් තරගයේ දෙවැනි ගෝලය වාර්තා කළේය. ආර්ජන්ටිනාව යළිත් ඉදිරියෙනි. ඒ 3-2ක් ලෙසය.
එහෙත් 118 වැනි මිනිත්තුවේ දී ආර්ජන්ටිනා දැල් රකින්නා මුළුමනින්ම පරදවමින් එල්ල කළ දඬුවම් පහරකින් සිය තුන්වන ගෝලය වාර්තා කළ එම්බැපේ තරගය සම කළේය. අවසන් මහා තරගයේ දි එම්බැපේ ගෝල ත්‍රිත්වයක් වාර්තා කර තිබණි.
අනතුරුව දඬුවම් පහරින් තරගයේ ඉරණම තෝරන අවස්ථාවට එළඹිනි. ඒ වනවිට තරගාවලියේ දි එම්බැපේ ගෝල 08ක් වාර්තා කරමින් ලෝක ඉතිහාසයට එක් වන්නේ පේලේගෙන් අනතුරුව ලෝක කුසලාන තරගාවලියක දී වැඩිම ගෝල රැස්කළ ලාබාලම ක්‍රීඩකයා ලෙසය. මෙවර රන් සපත්තුවත් ඔහුටය.
කෙසේ වෙතත් අවසන් මහා තරගයේ ඉරණම තීරණය කරන දඬුවම් පහර 4-2 ක් ලෙස වාර්තා කරමින් ආර්ජන්ටිනාව 2022 ලෝක කුසලාන පාපන්දු ශූරතාව දිනා ගත්තේය.
ලෝකයේ පාපන්දු සලකුණක් බවට පත්වූ ලයනොල් මෙසී අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩාවෙන් සමුගත්තේය. ඒ තුන්වන වරට සිය ජාතිය ලෝක කුසලානයකින් අභිෂේක කරවමිනි.