gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේ මොනවද වෙන්නේ? රට කොහෙටද යන්නේ? ශිෂ්‍යත්වය ලියලා ගෙදර එමින් සිටි දැරියක් පැහැරගෙන ගිහින්!

මෙවර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්වී නිවසට යමින් සිටි සිසුවියක යතුරුපැදිකරුවකු ිවිසින් පැහැරගෙන ගිය පුවතක් අඹන්පොල පොලිසියෙන් වාර්තා වේ. සිසුවිය අඹන්පොල මධ්‍ය මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිට ඇත. ඇය මෙම විභාගයට පෙනී සිට ඇත්තේ මහව අධ්‍යාපන කලාපයේ අබකොලවැව කනිටු විදුහලේ සිසුවියක් ලෙසිනි. ඇය අඹන්පොල අමුණුගම ග්‍රාමයේ පදිංචි දැරියකි.

ශිෂ්‍යත්ව විභාගය අවසන්ව ඇය තම යහළු යෙහෙළියන් සමගින් කුඩා ලොරි රථයකින් අමුණුගම හන්දියට ගොස් ඇත. එතැන් පටන් පයින් තම නිවෙසට යන අතරමඟදී යතුරු පැදියකින් පැමිණ නාඳුනන අයෙක් නිවසට ඇරලවීමට යැයි පවසා ඇය යතුරුපැදියට නංවාගෙන ඇත.

නිවස අසලට ගිය එම යතුරුපැදිය නිවස පෙනි පෙනී වෙනත් මගකට හරවා තිබේ. යතුරුපැදිකරු එම සිසුවියට පාසල් උපකරණ ලබාදෙන බවට ප්‍රකාශ කර සිසුවිය සමග අඹන්පොල ඇහැටුවැව මාර්ගයේ ගමන් කර ඇත.

එහිදී සිසුවිය කෑගැසීමට උත්සාහ කළ විට, කෑගැසුවහොත් ඇය මරණ බවට පවසා තිබේ. නාකොළගනේ හන්දියෙන් එරියාව දෙසට හැරවූ යතුරුපැදිය ටික දුරක් ගොස් එරියාව ගමට ඇතුළු වන ස්ථානයේ ඇති කැලෑ ප්‍රදේශයට හරවා තිබේ. එසේ හරවා මද දුරක් ගිය යතුරුපැදිකරු දහම් පාසල් ගොස් එමින් සිටි සිසුවෙක් දැක කැලෑ ප්‍රදේශයේ යතුරු පැදිය නතර කර සිසුවිය දමා පලාගොස් ඇත.

දහම් පාසල් සිසුවා සහ මාර්ගයේ ගමන් ගත් කිහිප දෙනෙක් සිසුවිය දැක එම ස්ථානයට ගොස් කරුණු විමසා තිබේ. එහිදී සිදුවීම දැනගත් ගම්මු පසුව එකතු වී දැරියගේ පියා එම ස්ථානයට කැඳවා තිබේ.

ගම්වාසීන් පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට කැඳවා තිබිණි. අඹන්පොල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් පෙරේරාගේ උපදෙස් මත කාන්තා පොලිස් පරීක්ෂක හේරත් ඇතුළු පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

එම මාර්ගය දෙපස සීසීටීවී දර්ශන ද සැකකරු සොයාගැනීම සඳහා පරීක්ෂා කරන බව අඹන්පොල පොලිසිය පවසයි.

-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka