අපේ පාලකයො ලෝකෙ වටේ ගිහින් කන්න බොන්න ඉල්ලගෙන හිඟාකනවා... අපි ලැජ්ජ වෙන්න ඕන... මේ පාර සැණකෙළි එපා - නත්තලේදී කරන්න ඕන දේ කාදිනල් හිමියන් කල්තියාම කියයි
‘මේ රටේ මිලියන 6.1 ක් බඩගින්නේ කියලා මාධ්‍ය වාර්තා කරනවා. මේ තරම් රට විනාශ වෙලා තියෙද්දී අපිට සතුටින් මෙවර නත්තල් සමරන්න බෑ. රටට මෙහෙම වෙලා තියෙන්නේ පාලකයන්ගේ දුර්දාන්ත වැඩ නිසා.
ලෝකෙ වටේ ගිහින් කන්න බොන්න ඉල්ලගෙන හිඟාකනවා. හිගන්නෝ වගේ කන්න බොන්න ඉල්ලන්න අපි ලැජ්ජ වෙන්න ඕන. මොකද මෙච්චර ලස්සන රටක් තියාගෙන ඇයි අපි හිගාකන්නේ.’ යැයි කළුතර සිරි කුරුස විදුහලේ පැවතී බලාපොරොත්තුවේ උපත නමැති නත්තල් කැරොල් බැති ගී ප්‍රසංගයකින් අනතුරුව අදහස් දක්වමින් කාදින් තුමෝ මේ බව පැවැසීය.
මෙවර නත්තල් සමරන්න ගව මඩුවට යන්න. එතන තමයි නත්තල් තියෙන්නේ. ඔබගේ නිවස අසල ඇති එක දුප්පත් ගෙදරකට හෝ කෑම වේලක් දෙන්න. නත්තල් කියන්නේ ලබාගන්නා දේ නොවෙයි දෙන දෙයයි. ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේ දුන් පණිවිඩය. යැයි උන්වහන්සේ කීහ.
මෙහිදී අසරණ පවුල් වෙත මූල්‍යමය ආධාර ලබාදීමක් සහ අඩු ආදායම්ලාභී දක්ෂ දරුවන් කිහිප දෙනෙකුට ශිෂ්‍යයත්ව පිරිනැමීමක්ද සිදුකරන ලදී .
මෙවර නත්තල් සමරන්න ගව මඩුවට යන්න. එතන තමයි නත්තල් තියෙන්නේ. ඔබගේ නිවස අසල ඇති එක දුප්පත් ගෙදරකට හෝ කෑම වේලක් දෙන්න. නත්තල් කියන්නේ ලබාගන්නා දේ නොවෙයි දෙන දෙයයි. ඒ තමයි ක්‍රිස්තුස් වහන්සේ දුන් පණිවිඩය. යැයි උන්වහන්සේ කීහ.
මෙහිදී අසරණ පවුල් වෙත මූල්‍යමය ආධාර ලබාදීමක් සහ අඩු ආදායම්ලාභී දක්ෂ දරුවන් කිහිප දෙනෙකුට ශිෂ්‍යයත්ව පිරිනැමීමක්ද සිදුකරන ලදී .
අපේ පාලකයො ලෝකෙ වටේ ගිහින් කන්න බොන්න ඉල්ලගෙන හිඟාකනවා... අපි ලැජ්ජ වෙන්න ඕන... මේ පාර සැණකෙළි එපා - නත්තලේදී කරන්න ඕන දේ කාදිනල් හිමියන් කල්තියාම කියයි
2022-12-22T16:29:00+05:30
Lanka Hot News