gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

EXCLUSIVE : පුංචි ඡන්දයේ නාමයෝජනා කැඳවීමට පෙර ව්‍යවස්ථාදායක සභාව පත්කරගන්න ආණ්ඩුවෙන් අලුත්ම මෙහෙයුමක්! ප්‍රධානියකුට වැඩේ බාරදීලා!

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැදවීමට පෙර කෙසේ හෝ ව්‍යවස්ථාදායක සභාව පත් කරගෙන ඒ හරහා මැතිවරණය කල් දමාගැනීමේ අවසන් උත්සාහය දැරීමට ආණ්ඩුව මේ වනවිට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ. 
ඒ සදහා ව්‍යවස්ථාදායක සභාවේ සිටින ප්‍රධාන පුද්ගලයෙක් මෙම මෙහෙයුම බාරගෙන ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව මෙම නියෝජිතයා මේ දිනවල විපක්ෂ නියෝජිතයන් හමුවී විපක්ෂනායකවරයා විසින් පත්කළ යුතු සිවිල් නියෝජිතයන් පත්කරගැනීම ඉක්මන් කරවන ලෙස බලපෑම් කරමින් සිටින බව පැවසේ.

කෙසේවෙතත් මරික්කාර් මන්ත්‍රීවරයා ‌මීට පෙර ප්‍රකාශ තිබුණේ ආණ්ඩුව මැතිවරණ කල් දැමීම සදහා ව්‍යවස්ථාදායක සභාව උපයෝගී කරගැනීමට සූදානම් වන්නේ නම් මැතිවරණය පවත්වන තෙක් සිවිල් සංවිධාන නියෝජිතයන් පත්කිරීමට විපක්ෂනායකවරයා කටයුතු නොකරනු ඇති බවකි.

සජබ ආරංචිමාර්ග සදහන් කරන්නේද කිසිදු බලපෑමකට යටත්ව විපක්ෂනායකවරයා සිය නියෝජිතයන් පත්නොකරනු ඇති බවත්, නිසි වේලාවට එම තනතුරු සදහා ස්වාධීන පුද්ගලයන් පත්කරනු ඇති බවත්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka