ජලනි ප්‍රේමදාසගේ සැලුන් එකට ආරක්‍ෂකයන් 19ක් රජයේ වියදමින් දාලා!
පසුගිය යහපාලන රජය සමයේ සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යාංශයක් දරද්දී ආරක්ෂක අංශ නිලධාරීන් දහනව දෙනෙකු ඔහුගේ බිරිඳගේ රූපලාවන්‍යාගාරයේ සේවය සඳහා යොදවා තිබූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුඹුර මහතා සඳහන් කරයි.
එමගින් ලක්ෂ 400 ක අලාභයක් සිදුවී ඇති බව අභ්‍යන්තර විගණන වාර්තාවෙන් ද හෙළි වී ඇතැයිද හෙතෙම පැවසීය.
එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය එම රූපලාවන්‍යාගාරයේ ගෙවිය යුතු බදු රජයට පවා ගෙවා නැති බව ද ඔහු චෝදනා කළේය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දී පාර්ලිමේන්තු අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
ජලනි ප්‍රේමදාසගේ සැලුන් එකට ආරක්‍ෂකයන් 19ක් රජයේ වියදමින් දාලා!
2022-12-02T16:57:00+05:30
Lanka Hot News






