gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමයෝජනා දුන්නාට පස්සේ පුංචි ඡන්දය අවුරුද්දකින් කල් දාන කතාව ‌බොරුවක්! ප්‍රචාරය යවන්නේ ප්‍රධාන පක්ෂ මූලස්ථාන දෙකකින්! EXCLUSIVE

පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා කැදවීමෙන් පසු ඡන්දය වසරකින් කල් දමන බවට මේ වනවිට ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යයක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙම ප්‍රචාරය යවන්නේ එක්සත් ජාතික පක්ෂයේ සහ පොහොට්ටුවේ පක්ෂ මූලස්ථානයෙන් බවට මේ වනවිට තහවුරු වී ඇත.

ඊ‌ට හේතු වී ඇත්තේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සදහා එජාපයටත්, පොහොට්ටුවටත් අපේක්ෂකයන් සොයාගැනීමේ අර්බූදයකට පක්ෂ දෙකම මුහුණ දී සිටීම නිසා බව වාර්තා වේ.

පසුගියදා එක්සත් ජාතික පක්ෂයත්, පොහොට්ටුවත් පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සදහා අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා කැදවීමට පියවර ගෙන තිබිණ.

නමුත් පොහොට්ටුව නියෝජනය කරමින් පැමිණි මන්ත්‍රීවරුන් 70%කටත් වඩා දැනුම් දී ඇත්තේ මෙවර පොහොට්ටුවෙන් තරග වැදීමට තමන් කටයුතු නොකරන බවය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂකයන් සොයාගත නොහැකි තත්ත්වයක් මතුව ඇති බව සිරිකොත ආරංචිමාර්ග සදහන් කරයි.

මෙම තත්ත්වය යටතේ මෙම පක්ෂ දෙකේම සාමාජිකයන් වෙනත් පක්ෂවලින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවට පක්ෂ නායකයන් වෙත තොරතුරු ලැබී ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව සිය සාමාජිකයන් වෙනත් පක්ෂවල සහ සන්ධානවල අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීම වළක්වා ගැනීම සදහා මෙසේ නාමයෝජනා කැදවීමෙන් පසු ඡන්දය වසරකින් කල් දමන බවට ප්‍රචාරයක් මෙම පිරිස් විසින් ගෙන යමින් සිටින බව දැනගන්නට ඇත.
-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka