gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

චාමරගේ කතාවට මහින්ද හරස් වෙයි!

පසුගිය අඟහරුවාදා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුව පාර්ලිමේන්තු පරිශ්‍රයේ පවත්වා තිබුණා.

මෙහිදී පාර්ලිමේන්තු කමිටුව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා නියෝජිතයන් පත්කිරීම පිළිබඳ දීර්ඝ කතාබහක් ඇතිව තිබෙනවා.  
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට, ආණ්ඩුවේ බහුතර පක්ෂයේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නම් කර තිබුණා.

මෙම හමුවේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කණ්ඩායමට සිය තීරණය දැනුම් දී තිබූ අතර අග්‍රාමාත්‍යවරයා සේම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද මෙම රැස්වීමේ මුලසුනේ රැඳී සිටි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ආණ්ඩු පක්ෂයත් ප්‍රධාන විපක්ෂයත් නියෝජනය නොකරන අයකු පත්කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී කතාබහක් ඇතිව තිබෙනවා.

“අපි ඔය තැනට අතාවුල්ලා මහතාව පත් කරමු.” අතාවුල්ලා මහතා ආණ්ඩු පක්ෂ රැස්වීමේ රැඳී සිටින අවස්ථාවේදීම එම යෝජනාව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

“නෑ නෑ චාමර, අතාවුල්ලා ඉන්නේ අපිත් එක්ක ආණ්ඩු පක්ෂයෙ. ඒ නිසා ආණ්ඩු පක්ෂයේ නොවන කෙනකු පත් කරන්න ඕන තනතුරට. අපිට අතාවුල්ලාව පත් කරන්න බෑ.” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka