"සජිත් ජලනි බලවේගය ලීඩ් කරන්නේ ජලනි ආර්යාව...සජබෙ මන්ත්‍රීවරුන් 54 දෙනාගේ ඉරණම ළගදීම විසදෙනවා" - ඩයනා පරල වෙයි, සජබෙ සමග දරුණු ගැටුමක් (VIDEO)
තමන්ට මෙරට පුරවැසිභාවය නොමැති නම් තමා මහ ලේකම් ධූරය දැරූ පක්ෂය වන සමගි ජන බලවේගයෙන් පාර්ලිිමේන්තුවට පැමිණි 54 දෙනාට ම ගෙදර යාමට සිදුවන බව රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පවසයි.
අපේ ජනතා පෙරමුණ වන තම පක්ෂයට සමගි ජන බලවේගය යැයි නම් තැබුවේ සජිත් (සමගි) සහ ජලනි (ජන) යන නම් දෙක එකතු කොට බව ද ඩයනා ගමගේ අනාවරණය කළාය.
සජිත් ජලනි බලවේගය මෙහෙය වන්නේ ජලනි ප්‍රේමදාස ආර්යාව විසින් බවට ද ඇය චෝදනා කළාය.
එම පක්ෂයේ වර්තමාන කිසිදු තනතුරක් නිත්‍යානුකූල නොවන බවත් තමන්ට පුරවැසිභාවය නොමැති නම් තම පක්ෂය අහෝසි වන නිසා මන්ත්‍රීවරුන් 54 දෙනාගේ ද ඉරණම විසඳෙනු ඇති බවත් ඇය පැවසීය.
"සජිත් ජලනි බලවේගය ලීඩ් කරන්නේ ජලනි ආර්යාව...සජබෙ මන්ත්‍රීවරුන් 54 දෙනාගේ ඉරණම ළගදීම විසදෙනවා" - ඩයනා පරල වෙයි, සජබෙ සමග දරුණු ගැටුමක් (VIDEO)
2022-12-08T21:49:00+05:30
Lanka Hot News