gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෂාෆ්ටර් මරපු දවසේ බොරැල්ල කනත්තේ ෂාෆ්ටර්ගේ වාහනය ළඟ කලිසමක් සහ කමිසයක් ඇඳගෙන සිටි කෙට්ටු උස කෙනා කව්ද? පරීක්ෂණ යළිත් බොරැල්ල කනත්ත දෙසට!

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා බොරැල්ල පොදු සුසානභූමියේ අපරාධයට ලක් වී සිටි මෝටර් රථය අසල සිට ඉක්මනින් ඉවත්ව ගිය පුද්ගලයා කවුරුන්දැයි සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දිනේෂ් ෂාෆ්ටර් මහතා ඝාතනය වී සිටි මෝටර් රථය අසල රැඳී සිටි එම පුද්ගලයා කෙට්ටු උස අයකු බවත්, ඔහු මෝටර් රථය අසල සිට සුසාන භූමියේ පසුපස ආදාහනාගාරය දෙසට ගිය බව තමා දුටු බවත් සුසාන භූමි සේවකයකු විසින් දී ඇති ප්‍රකාශයක් පදනම් කරගෙන මේ විමර්ශනය සිදු කරනු ලබයි.

එම සුසාන භූමි සේවකයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තොරතුරු විමසීමේදී ඔහු පවසා ඇත්තේ කලිසමක් සහ කමීසයක් හැඳ සිටි එම පුද්ගලයා යළි දුටුව හොත් හඳුනාගැනීමට හැකි බවයි.

ඒ අනුව එම පුද්ගලයා හඳුනාගැනීමෙන් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළි කර ගැනීමට හැකි වනු ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

දිනේෂ් ෂාෆ්ටර් මහතා සුසාන භූමිය තුළ අපරාධයට ලක්ව සිටි අයුරු දැක ඇත්තේ පුද්ගලයන් තිදෙනෙක් පමණි. ඒ ක්‍රිෂ් පෙරේරා සහ සුසාන භූමි සේවකයෝ දෙදෙනෙකි. ඒ අය විසින් පොලිසියට දී ඇති ප්‍රකාශවලින් මේ වන විට පැහැදිලිවම පෙනී ගොස් ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඇඟ වටා වයරයක් ඔතනු ලැබ තිබුණු බවයි.

එසේම දෑත් කේබල් පටිවලින් සිර කර තිබුණු බවත්, එය ගැලවීමට උත්සාහ කළත් නොහැකි වූ තැන ඇඟ වටා තැබුණු වයරය පමණක් ඉවත් කර දෑත් එසේම තිබියදී රියැදුරු අසුනට යාබද අසුනට දිනේෂ් ෂාෆ්ටර් මහතා දමාගෙන කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවත් ඔවුන්ගේ ප්‍රකාශවල සඳහන් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් විවිධ මතයන් ඔස්සේ තවදුරටත් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වාගෙන යමින් මේ අපරාධය විසඳීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව සඳහන්ය.

ගයාන් කුමාර වීරසිංහ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka