gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

අක්කරෙයිපත්තුව උසාවියට ගිනි තිබ්බේ කරුණාගේ ගෝල “දේශමාන්‍ය“ ඉනිය පාරතීගේ කොන්ත්‍රාත්තුවකට!

අක්කරෙයිපත්තුව අධිකරණ ලේඛනාගාරයේ පසුගියදා ඇති වූ ගින්නට හේතුව අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
ඒ අනුව මෙම ගිනි තැබීම කොන්ත්‍රාත්තුවක් බවත් එය මෙහෙයවා ඇත්තේ කොටි සංවිධානයේ හිටපු නැගෙනහිර නායක , හිටපු අමාත්‍යවරයකු වන කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුදලිදරන්ගේ සමීපතයකු වන නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනිය පාරතී විසින් බවත් අක්කරෙයිපත්තුව පොලීසිය විසින් හෙළිකරගෙන තිබේ.

දේශමාන්‍ය ගෞරවනාමයක් ද හිමි ඉනිය පාරතී මෙසේ අධිකරණයේ ලේඛනාගාරය ගිනි තැබීමට කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇත්තේ තරුණයින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් දැනට විභාග වන නඩු කිහිපයක් පවතින අතර ඊට අදාළ ලේඛන විනාශ කිරීමේ අරමුණින් බව පොලිසිය විශ්වාසය පළ කරයි.

ඔහුට මේ වන විට ඔහු පළාගොස් සැඟවී සිටින අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පොලිසිය පවසයි.

මෙම ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් ද අක්කරෙයිපත්තුව පොලීසිය විසින් පෙරේදා (28) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදි ඉනියභාරතී විසින් ලේඛනාගාරය තිබෙන ස්ථානය සහ විනාශ කළ යතු ස්තාන පැහැදිළිව දැක්වෙන ඡායාරූප වට්ස් ඇප් මගින් තමාගේ ජංගම දුරකතනයට එවූ බවත් ඒ ඔස්සේ අධිකරණ භූමියට පසුගිය 21 වැනදා අලුයම් කාලයේ රහසේ ඇතුළු වී මෙම ගිනි තැබීම කළ බවත් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් පවසා ඇත.

ඒ සඳහා රුපියල් 50,000ක් ගිනි තැබීමට පෙර මෙම සැකකරුවන් අතට ලැබී ඇත.

මීට පෙර ඉනියභාරතී කේරල ගංජා ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් පුත්තලමේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී ඔහු පොලිස් අණ නොතකා ඔහු සිය ජිප් රථය ධාවනය කරමින් පොලීසිය වෙඩි තබා රථය නවතා අත්අඩංගුවට ගෙන තිබේ. .

උපුටාගැනීම - lankasara
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka