gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්දේ කරන්න ගියොත් ආයිත් කැරැල්ලක්..- ජනාධිපති

යෝජිත පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවන දිනය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසා තිබේ. ව්‍යවස්ථාවට අනුව මාර්තු 20ට පෙර ඡන්දය පැවැත්විය යුතුය. පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන පොදුජන පෙරමුණ හා සමගි ජනබලවේගය ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයන් තෝරණ සම්මුඛ පරීක්ෂණ පවා මේ වන විට ආරම්භකර ඇත.
නිසි කලට ඡන්දය පැවැත්වීම සිය පක්ෂයේ ස්ථාවරය බව පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් පවසා තිබේ. මැතිවරණ කොමිසම නියමිත කාලයට මැතිවරණය පැවැත්විය යුතු බව සිය පක්ෂයේ ස්ථාවරය බව සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර පවසා ඇත. ජවිපෙද මේ වනවිටත් අපේක්ෂකයන් තෝරාගෙන නිමාකර තිබේ.

සියලුදෙනා මෙසේ ඡන්දයට සූදානම් වුවත් ජනාධිපති රනිල් පවසන්නේ මෙය මැතිවරණයකට සුදුසු කාලයක් නොවන බවයි. ‘‘මේ වෙලාවේ ඡන්ද තියන්න සල්ලි කොහෙන් හොයන්නද? ආණ්ඩු වෙනස් කරන මහ ඡන්දයක් හරි ජනාධිපතිවරණයක් නම් හරි කමක් නෑ, ආණ්ඩුවේ සේවකයන්ගේ පඩි ටික ගෙවාගන්න, බෙහෙත් ටික ගෙන්නගන්න බැරිව අමාරුවක ඉන්න වෙලාවක බිලියන ගාණක් වියදම් කරලා ඡන්ද කරන්න පුළුවන්ද? කන්න බොන්න, පඩි ගෙවන්න තියෙන සල්ලි ටික ඡන්දෙට දැම්මොත් අප්‍රේල් වෙනකොට ආයිත් තෙල් පෝලිමක් එයි. ගෑස් පෝලිම් එයි. අන්තිමට කැරැල්ලකුත් එයි.’’ යනුවෙන් රනිල් එජාප කණ්ඩයම් රැස්වීමේදී පවසා ඇත.

කෙසේ වෙතත් මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසා ඇත්තේ මාර්තු මාසයේදී අනිවාර්යයෙන්ම ඡන්දයකට යාමට සිදුවන බවයි.

– Aruna
 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka