gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය රාජපක්ෂලා ප්‍රියත් බන්දු වික්‍රමලා ලංකාවට අහිමි කරපු ජපාන ‌රේල් ව්‍යාපෘතිය බංග්ලාදේශයට හිමි වෙයි!

බංග්ලාදේශය එරට ප්‍රථම මෙට්‍රෝ (කෙටි දුර නගරාන්තර දුම්රිය) දුම්රිය පද්ධතිය අද (දෙසැ. 29) ඩකා නගරයේ ආරම්භ කර තිබේ.
මිලියන 20කට වඩා වැඩි ජනතාවක් ජීවත් වන ලෝකයේ වඩාත් ම ජනාකීර්ණ නගරවලින් එකක් වන ඩකා නගරයේ ඇති දැඩි රථවාහන තදබදයට මෙමගින් සහනයක් ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එය අමෙරිකානු ඩොලර් බිලියන 2.8ක වියදමින් ඉදි කර ඇත්තේ, ජපන් රජයේ ආධාර යටතේ ය.

පොළොවට ඉහළින් දිවෙන මෙම දුම්රිය පද්ධතිය ගොඩනැගීම සඳහා වසර 6ක කාලයක් ගත වී ඇති අතර එහි ගමන් ගන්නා දුම්රිය, උත්තර නගරයේ සිට අගර්ගෝන් නගරය දක්වා කි.මී. 12ක් කිසිදු දුම්රිය ස්ථානයක නතර නොකර ධාවනය වනු ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම නව දුම්රිය පද්ධතිය හරහා පැයකට මගීන් 60,000ක් පමණ ප්‍රවාහනය කිරීමට පහසුකම් සැලසෙන බව ය.

එය 2030 වසර වන විට දුම්රිය ස්ථාන 100කට වඩා වැඩි සංඛ්‍යාවක් සහ ඩකා නගරය හරහා ගමන් කරන මාර්ග 6ක් දක්වා සංවර්ධනය කිරීමට නියමිත ය.

මෙම දුම්රිය පද්ධතිය විවෘත කළ අවස්ථාවට එක්වූ එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ප්‍රකාශ කළේ, එය එරටට ආඩම්බරයක් බව ත් සෑම දුම්රියක ම එක් මැදිරියක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන බව ත් ය.

කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජපන් රජයේ ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවේ ද ඉදිකිරීමට සූදානම්ව තිබියදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ කාලයේ එය නවතා දැමීම හේතුවෙන් රුපියල් කෝටි 597.8ක අලාභයක් වූ බවට විගණකාධිපතිවරයා සිය වාර්තාවක් මගින් හෙළි කර තිබිණි.

මෙකල නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේ ප්‍රියත් බන්දු වික්‍රම මහතාය. මොනෝරේල් ව්‍යාපෘතිය අවලංගු කිරීම සදහා ප්‍රියත් බන්දු වික්‍රම මහතාද තිරය පිටුපස විශාල කාර්යභාරයක් ඉටු කළේය.

එම අවලංගු කිරීමෙන් පසු ජපානය ලංකාවට ලබා දී තිබූ ව්‍යාපෘති රැසක්ම අවලංගු කිරීමටද පියවර ගත්තේය.

මෙම ව්‍යාපෘතිය ලංකාවට ලැබුණේ යහපාලන ආණ්ඩු සමයේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka