මුලතිව් කුරුදුමලේ ප්‍රදේශයේ කුරුඳුමලේ විහාරස්ථානයට අයත් බවට දැනට හඳුනාගෙන ඇති හා මායිම් කොට ඇති ඉඩම් විදුර වික්‍රමනායක ඇමතිවරයාගේ අණින් මුලතිව් ජනතාව අතර බෙදා දීමට තීරණය කර තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දැනට පුරාවිද්‍යා රක්ෂිතයට ගැසට් කර නැති නමුත් විහාරස්ථානයට අයත් බව හඳුනාගෙන ඇති ඉඩම් කොටසක් වහාම නිදහස් කොට ඒවායෙහි බලපත්‍ර හිමි අයිතිකරුවන් සිටී නම් ඔවුන් වෙත ලබා දීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (01) තීරණය කළ බවය.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මේ තීරණය ගෙන ඇත්තේ විදුර වික්‍රමනායක අමාත්‍යාවරයා විසින් සිදු කරණ ලද දැණුම් දීමකට අනුවය.
මුලතිව් කුරුඳුමලේ ප්‍රදේශයේ ඉඩම් අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බවට පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් හා මහජනතාගෙන් බරපතල චෝදනාවක් එල්ල වූ අතර මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද විශේෂ විවාදයක් පැවැත්වුණි.
මෙම ඉඩම් නිදහස් කිරීමේදී මුලතිව් කුරුඳුමලේ විහාරස්ථානයට අයත් බවට දැනට හඳුනාගෙන ඇති හා මායිම් කොට ඇති ඉඩම් මුලතිව් ජනතාව අතර බෙදා දීමට තීරණය කොට ඇති අතර ඒ යටතේ ගොඩ ඉඩම් හා කුඹුරු ඉඩම් අක්කර 400 ක් පමණ ජනතාවට හිමි වන තත්ත්වයක් පවතී.
මෙම ඉඩම් ජනතාවට ලබා දීමේදී එම ඉඩම් සම්බන්ධයෙන් කවර හෝ බලපත්‍රයක් ඉඩම් සඳහා උරුමකම් කියනු ලැබන පුද්ගලයින් සතුව තිබීම අනිවාර්ය කරුණකි.
- දිනසේන රතුගමගේ
