විමල්ලාගේ උත්තර සභාගයට මහනුවරදී කටඋත්තර නැතිවෙයි! එකදිගට හූ තියයි! උණුසුම මැද විමල්ලා මාරුවෙයි! (VIDEO)
මහනුවර පැවති උත්තර සභාගයේ දේශපාලන රැස්වීමක් අවසන් වීමෙන් අනතුරුව ඊට එරෙහිව පිරිසක් විරෝධය පළ කර තිබේ.
මහනුවර දිස්ත්රික් උත්තර සභාව දේශපාලන රැස්වීම අද (13) මහනුවර පුෂ්පදාන ශාලාවේදී පැවැත්වුණි.
අදාළ රැස්වීම අවසන් වීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා ඇතුළු දේශපාලනඥයින් පිරිස ශාලාවෙන් පිටතට යන අවස්ථාවේ එම ස්ථානයට පැමිණ සිටි තරුණයෝ කණ්ඩායමක් ඔවුන්ට හූ කියමින් බැනවැදීම හේතුවෙන් දෙපිරිස අතර දැඩි උණුසුම්කාරි තත්ත්වයක් උද්ගත වූහ.
එම විරෝධතාව මධ්‍යයේ විමල් වීරවංශ මහතා තම ආරක්ෂකයන් සමග උත්සව ශාලාවෙන් බැහැර වාහනයෙන් පිටත්ව ගියද පැවති උණුසුම් තත්ත්වය හේතුවෙන් වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ ඇතුළු පිරිසක් ශාලාව තුළින් එළියට පැමිණීමට නොහැකිව ශාලාව තුළම සිටි බව දැනගන්නට තිබේ.
දෙපාර්ශ්වය අතර කලබලකාරී උණුසුම් තත්ත්වය දිගින් දිගටම පවතිද්දී වාසුදේව නානායක්කාර හා තිස්ස විතාරණ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ තම වාහනවලට නැඟ පිටවී ගියේ දැඩි හූ හඬ විරෝධයක් මධ්‍යයේ ය.
මෙහිදී දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වය විනාඩි 15ක් පමණ පැවති බව වාර්තා වේ.
විමල්ලාගේ උත්තර සභාගයට මහනුවරදී කටඋත්තර නැතිවෙයි! එකදිගට හූ තියයි! උණුසුම මැද විමල්ලා මාරුවෙයි! (VIDEO)
2022-11-13T18:14:00+05:30
Gossip Lanka Hot News





