gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!

මෑතක් වන තුරුම හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරමින් සිටියදී විදේශ පුහුණුවීම් සඳහා තෝරා ගත්තේ කෙසේද යන්න පිළිබඳවය.

තේරීම් ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවකරුවන් කිහිප දෙනෙකුගෙන් මෙහිදී ප්‍රශ්න කිරීමට නියමිතය.

යෝෂිත රාජපක්ෂ සහභාගී වූ ප්‍රධාන විදේශීය පාඨමාලාවලින් එකක් වූයේ බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදාවේ ආයතනයක් වන Dartmouth ලෙසින් ප්‍රසිද්ධියට පත් Britannia Naval College හි පාඨමාලාවය.
-mawratanews
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka