තිළිණි ප්‍රියමාලිගේ ගනුදෙනුවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ කඩවත සිරිඅරන්තක සමාධි අරණ විහාරයේ වැඩ වාසී බොරැල්ලේ සිරිසුමන හිමියන් අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
කෝටි ගණනක මූල්‍ය වංචාවක් මත දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලී සම්බන්ධයෙන් සිදු කළ බව කියන ගනුදෙනුවලට අදාළව මෙම හිමියන් අත්අඩංගුවට ගෙන අති බව සඳහන් වේ.
ප්‍රියමාලි විසින් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය තිකෝ ව්‍යාපාර නම් සමූහයේ පවතින ව්‍යාපාරවල ආයෝජනය කිරීම සඳහා මෙසේ මුදල් ලබා ගත් පුද්ගලයන් රැවටීමට මෙම හිමියන්ද හවුල් කරගෙන ඇති බවට මේ වනවිට පැමිණිලි කළ පුද්ගලයන්ගෙන් තොරතුරු ලැබී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇයගේ ව්‍යාපාරවල ආයෝජනය කිරීමට ඉදිරිපත්වන ව්‍යාපාරිකයන්ට දෙන මුදලට ඇපයක් ලෙස රන් පොලු ලබා දෙන බවට ප්‍රකාශ කරන තිළිණි මෙම රන් පොලු ආරක්ෂාව සඳහා තැන්පත් කර ඇති බවට පෙන්වන්නේ බොරැලලේ සිරිසුමන හිමියන්ගේ කඩවත පන්සලේ බව සඳහන් වේ. මෙලෙස ව්‍යාපාරිකයන්ට ආයෝජන වෙනුවට රන් පොලු ලෙස ලබා දුන් ඒවා පිත්තලවලින් සැදු රන් ආලේපිත ව්‍යාජ ඒවා පසුව ඔවුන් හඳුනාගෙන ඇත.
සිරිසුමන හිමියන් මේ වනවිට ප්‍රශ්න කිරීම්වලට ලක්වන අතර ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
