පක්ෂයටත් රටටත් ද්‍රෝහීවෙමින් කටයුතු කරන ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
පොහොට්ටුවෙන් මන්ත්‍රී ධූර ලබා පාර්ලිමේන්තු පැමිණ පක්ෂයේ ස්ථාවරයට පිටින් යමින් කටයුතු කරන ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂ මෙසේ පරාජයට පත් කිරීමට තීන්දු වී ඇති නමුත් රට මේ මොහොතේ පත්ව ඇති අසීරු තත්ත්වය සලකා බලා සමස්ත අයවැය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමටද මෙම මන්ත්‍රීවරු තීරණය කොට ඇත.
මෙම සාකච්ජා මන්ත්‍රී එස්. බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින කිහිපයේදී මෙම සාකච්ජා පැවැත්වී ඇති බවද දැනගන්නට ඇත.
ඒ අනුව හෙට (02) දිනයේදීත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සදහා එස්.බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
මෙහිදී පොහොට්ටු ඇමැතිවරුන් 9 දෙනකු පිළිබදව සාකච්ජා වී ඇති බවත්, ඔවුන්ගේ වැය ශීර්ෂයන් පරාජයට පත් කළ යුතු හේතු එකින් එක සාකච්ජා වී ඇති බවත් වාර්තා වේ.
මේ බව ජනාධිපතිවරයා වෙත් දැනුම් දීමට මෙම කණ්ඩායම තීන්දුවක් ගෙන ඇති බවද දැනගන්නට තිබේ.