gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තිලංග සුමතිපාල එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ධූරයට!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති,හිටපු නියෝජ්‍ය කථානායක සහ රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පත්කර ඇත.

2022 නොවැම්බර් 21 වැනි දින කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවෙන් සහ මධ්‍යම කාරක සභාවේ ඒකමතිකව ගනු ලැබූ තීන්දුවකට අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තිලංග සුමතිපාල මහතා වෙත ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කරනු ලැබීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය, සියලු පක්ෂවල එකමුතුවෙන් සහ නව ජවයකින් යුතුව ජයග්‍රාහී අලුත් ගමනක් ගෙනයාමේ වගකීම සහ අභියෝගය භාරදෙමින් තිලංග සුමතිපාල මහතාට මෙම තනතුර පිරිනැමූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සිය ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය හැදෑරූ තිලංග සුමතිපාල මහතා එංගලන්තයේ ලන්ඩන් මුද්‍රණ ආයතනයෙන්, මුද්‍රණ තාක්ෂණය හා ෆොටෝ ලිතෝ ග්‍රැෆික් පිළිබද ප්‍රථම උපාධියද,කොළඹ විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධියද, හාවඩ් විශ්ව විද්‍යාලය හා ජෝන් එෆ්.කෙනඩි දේශපාලන විද්‍යාලයෙන් ජේෂ්ඨ විධායක ඩිප්ලෝමාවත්, හාවඩ් විශ්ව විද්‍යාලය හා හාවඩ් ව්‍යාපාර කළමනාකරණ ආයතනයෙන් ජේෂ්ඨ විධායක ඩිප්ලෝමාවත් ලබා ඇත ග තිලංග සුමතිපාල මහතා,මේ වනවිටත් චීනයේ බේයිජිං විශ්ව විද්‍යලයෙන් සිය ආචාර්ය උපාධිය හදාරමින් සිටියි. දකුණු කොරියාවේ කිම්යුන් විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය පදවියෙන්ද පිදුම් ලබා ඇති ඒ මහතා වෘත්තිකයෙක් මෙන්ම දක්ෂ පරිපාලකයෙකු වශයෙන්ද ගෞරව සම්භාවනාවට පත්වූ අයෙකි.

2009 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට තේරීපත්වූ තිලංග සුමතිපාල මහතා ,2010 වසරේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.2015 වසරේදී ඒ මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ අතර,2015 වසරේදී නියෝජ්‍ය කථානායක ධුරයට පත් වු අතර 2019 වසරේදී තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගත්තේය.

සිය දේශපාලන ගමන් මග තුළදී තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ජර්මානු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරය, ජාත්‍යන්තර පාර්ලිමේන්තු ක්‍රියාදාමය පිළිබඳ ගෝලීය සංසදයේ විධායක කමිටු අධ්‍යක්ෂ ධුරය,ශ්‍රී ලංකා – ඕස්ටේ‍රිලියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ධුරය,ශ්‍රී ලංකා එංගලන්ත පාර්ලිමේන්තු සංසදයේ ලේකම් ධුරය, තිරසාර සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ධුරය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංසදයේ පාලන කමිටු සාමාජික ධුරය ඇතුළුව ප්‍රධාන තනතුරු රැසක්ද හොබවා තිබේ.

– ගීත් ගුණසේකර
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka