ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ශ්‍රීලනිපයත් හෙට පාරට බහී!
ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙලට එරෙහිව හෙට (2) පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාරයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ද සහභාගී වන බව එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
වෘත්තීය සමිති හා විශ්ව විද්‍යාල සිසුන් මර්දනය කරමින් සහ උද්ඝෝෂණ කිරීමට අවස්ථාව නොදෙමින් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව මෙම උද්ඝෝෂණයට අනිවාර්යයෙන් සහයෝගය ලබාදෙන බවත්, අවිහිංසාවාදී උද්ඝෝෂණ කිරීම ජනතා අයිතියක් බැවින් තම පක්‍ෂය ඒවා මර්දනය කිරීමට විරුද්ධ බවත් ජයසේකර මහතා සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඔහු මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ශ්‍රීලනිපයත් හෙට පාරට බහී!
2022-11-01T19:22:00+05:30
Gossip Lanka Hot News