gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනපති චන්ද්‍රිකාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම අපි අනුමත කරන්නේ නෑ – එස්.බී කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටයි. ඒ පිළිබඳව, පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයකු වන එස්.බී. දිසානායක මහතාගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියේය. 
එහි දී ඔහු පවසා සිටියේ එම තීරණය කිසිදු යුක්ති සහගත සහ සාධාරණ බවකින් තොර බවත්, එය ඔහුගේ පුද්ගලික මතය වන බවත් ය. එතුමියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ලේ උරුමයක් ඇති බවත්, එසේම රටම එක්සේසත් කරමින් ත්‍රස්තවාදය අවසන් කරපු රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාව පරාද කිරීම සඳහා එවක සිටි මෛත්‍රිපාල සිරිසේන මහතාට දැවැන්ත ශක්තියක් වූයේ චන්ද්‍රිකා මැතිණිය යැයි කියා සිටි ඒ මහතා, වැඩිදුරටත් පැවසුවේ ඒ සිදුවීම ඒ තරම් සදාචාරාත්මක නොවන බවයි.

එසේම පසුගිය දා මෙරටට පැමිණි බැසිල් රාජපක්ෂ මහතාව පිළිගැනීම සඳහා පොලිස් කොමිසමේ සභාපතිවරයා ගිය බව පවසමින් සමාජ කතිකාවතක් පැතිරී යන බවත්, මාධ්‍ය තුළ ඒ බව කතාබහට ලක්වන බවත් එස් බී දිසානායක මහතාගෙන් මාධ්‍යවේදියකු කරුණු විමසා සිටියා.

ඊට පිළිතුරු වශයෙන් එස්.බී. දිසානායක මහතා පවසා සිටියේ, පොලිස් කොමිසමේ සභාපතිවරයා එවකට 2009 – 2015 කාලය තුළ බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලය තුළ ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ බව යි. එම දැන හැඳුනුම්කම් මත යන්නට ඇතැයි තමා අනුමාන කරන අතර එසේත් නැතිනම් වෙනත් කටයුත්තකට සහභාගි වී සිටියදී බැසිල් රජපක්ෂ මහතා දැක ඒ මොහොතේ එතැනට පැමිණ කතා කරන්නට ඇතැයි එස්. බී.දිසානායක මහතා පැවසූ අතර ඒ පිළිබඳව තමා වැඩි විස්තර යමක් නොදන්නා බවද පැවසීය.

නමුත් ඔහු පොලිස් කොමිසමේ සභාපතිවරයා වන පසුබිමක මෙසේ හමුවීමට යෑම අනුමත කළ හැකි ද යන්න මාධ්‍යවේදියා යොමුකළ පැණයට පිළිතුරු වශයෙන් එස්.බී. දිසානායක මහතා නැවත වරක් පැවසූයේ බැසිල් රාජපක්ෂ නොව ඒ මොහොතේ සජිත් ප්‍රේමදාස එම ස්ථානයෙන් යමින් සිටිනු දුටුව ද ඒ මහතා ගොස් කතා කරනු ඇති බවයි; තමාගේ පෞද්ගලික කටයුත්තකට ම ගොස් සිටියදී ඒ අසලින් බැසිල්, සජිත් තබා කුමන අයකු යමින් සිටිය ද අවස්ථාවේ හැටියට ගොස් කතා කරන්නට ඇති බවයි. එහි ඇති වැරැද්දක් තමා නොදකින බව ද හෙතෙම පැවසීය.‍

ගුරුවරියන් පිරිසක් සහ ජෝසප් ස්ටාලින් මහතා ද සැහැල්ලු ඇඳුමක් ඇඳීමට තීරණය කිරීම පිළිබඳ හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් එස් බී දිසානායක මහතාගේ අදහස් මෙහි දී විමසා සිටි අතර, එහි දී ඒ මහතා ප්‍රකාශ කළේ දැනට මෙම ඉල්ලීම බහුතරයක් ගුරුවරියන් අකැමැති වනු ඇති දෙයක් බවයි. මන්ද සාරිය යනු ගුරුවරියක් මහත් අභිමානයෙන්, ගෞරවනීය බව රකින ඇඳුමක් බවත්, ආඩම්බරනීය ලෙස දරුවන්ගේ ගුරු මෑණිවරු ලෙස පාසල ඔවුන් හඳුනා ගෙන තිබෙන බව ද ඒ මහතා පවසා සිටියේය. කුඩා කල සිටම ගැහැණු දරුවන් සාරියට ඔසරියට ඉතාමත් ඇල්මක් දක්වන බව හා විවිධාකාර මෝස්තර ඇඳුම් අඳිනවා ට වඩා ගුරුවරයෙකුට වඩාත් ආදර්ශමත් ඇඳුම සාරිය බව ද ඔහු පැවසීය.

මිල අධික බව නිසා සාරි අතහැර වෙනත් විකල්පයකට යොමුවීමට යොමු වූ බවත් ගුරුවරුන් පවසා ඇතැයි මාධ්‍යවේදියා ප්‍රකාශ කළ අතර, දිසානායක මහතා මහතා එහිදී පැවසූයේ වර්තමානයේ සියලුම භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ඇති බැවින් ගුරුවරුන්ගේ සාරි ආදිය ද මිල අධික වී තිබීම සාධාරණ බවයි. නමුත් විවිධාකාර ඇඳුම් හැඳ පාසලට යෑම ගුරුවරයාට විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට හේතුවනු ඇති බව පැවසූ ඒ මහතා, තමා අධ්‍යාපන අමාත්‍යවරයා වූවානම් ඒ සඳහා කිසිසේත්ම අවසරයක් නොදෙන බවත් වර්තමාන අධ්‍යාපන අමාත්‍යවරයා වන සුසිල් ප්‍රේමජයන්ත මහතාද ඒ සඳහා අවසර නොදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ප්‍රකාශ කරන ලදි.

රෂිකා හෙන්නායක
2022.11.22



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka