සමපෝෂ විකිණීම අධිකරණය තහනම් කරයි
සමපෝෂ නම් වෙළෙඳ නාමයෙන් යුත් අතිරේක ධාන්‍ය ආහාරය බෙදා හැරීම විකිණීම තහනම් කරමින් මොරවක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ එම ආහාර වර්ගයේ ඇෆ්ලටොක්සින් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙනි.
ඒ එම ආහාර වර්ගයේ ඇෆ්ලටොක්සින් නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙනි.
ඒ අනුව මොරවක අධිකරණ බල සීමාව තුළ මෙම නිෂ්පාදනය විකිණීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමටත් දැනට වෙළඳපොලේ පවතින නිෂ්පාදන තොග වහාම ඉවත් කිරීමට ද නියෝග කර තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් මෙම නිෂ්පාදන අත් අඩංගුවට ගෙන ඒවා පරීක්ෂාවට යවා ඇෆ්ලටොක්සින් ප‍්‍රමාණය ඉක්මවා ඇති බවට හෙලිව ඇතැයි අධිකරණයට කරුණැ වාර්තා කර තිබිණි.
සමපෝෂ විකිණීම අධිකරණය තහනම් කරයි
2022-11-25T12:53:00+05:30
Lanka Hot News






