1971 1989 1990 වසර වල සිදුකරන ලද සාහසික ක්‍රියාවන් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ ජාතියෙන් සමාව ගත යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.
නැවත එවන් ත්‍රස්තවාදී ක්‍රියාවලට නොයන බවට ද ජාතිය හමුවේ එම පක්ෂය සහතිකයක් දිය යුතු බව හෙතෙම කියා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ඇතිවූ එම කැරලි හේතුවෙන් සිවිල් වැසියන්ගේ ජීවිත ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් රටට අහිමි වූ බව ද හෙතෙම පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ බලය ලබා ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලද කැරලි දෙක හේතුවෙන් ශ්‍රී ලංකාවේ පාතාලය හිස එසවීමට ද හේතු පාදක වූ බව ද ඔහු චෝදනා කරයි.