gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රභූවරුන් සිටින මාවතක හදිසියේම ජනතාවට තහනම් සංඥා සවි කරලා! කොළඹ මේ දේවල් කරන්න බෑ!

පොලිස්පතිවරයාගේ නිල නිවස පිහිටි කොළඹ හත විජේරාම මාවතේ එෆ්. ආර්. සේනානායක මාවත හා බෞද්ධාලෝක මාවත අතර කොටසේ වාහන නැවැත්වීම, නළා ශබ්ද කිරීම, බස් හා ලොරි රථ ඇතුළු බර වාහන ඇතුළු කිරීම තහනම් කරමින් සංඥා පුවරු සවිකර තිබෙනවා. 
මින් පෙර විජේරාම මාවතේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පදිංචිව සිටි නමුත් ඔහු එම නිවසින් පිටත්ව ගිය පසු මෙම මාර්ග සංඥා සවිකර ඇතැයි වාර්තා වනවා.

සාමාන්‍යයෙන් නළා නාද කිරීම තහනම් කරමින් මාර්ග සංඥා සවි කරන්නේ රෝහල්, අධිකරණ හා පාසල් පිහිටි ප්‍රදේශයේ පමණයි. නමුත් පොලිස්පතිවරයා ඇතුළු ප්‍රභූන් පදිංචි මාවතක මාර්ග සංඥා සවි කිරීමට හේතුව තමන් නොදන්නා බව කොළඹ මහ නගර සභාවේ නිලධාරියකු සඳහන් කළා.

නමුත් විජේරාම මාවත අයත් පොලිස් ස්ථානය වන කුරුඳුවත්ත පොලිසිය පවසන්නේ මාර්ග සංඥා සවිකිරීමේ බලය ඇත්තේ මහ නගර සභාවට බවයි.

තාවකාලික ලෙස යම් සංඥා පුවරුවක් සවි කිරීමට පමණක් පොලිසියට හැකියාව තිබෙන මුත් විජේරාම මාවතේ සංඥා පුවරු පොලිසිය විසින් සවි නොකළ බව කුරුඳුවත්ත ​පොලිසියේ නිලධාරීන් අවධාරණය කළා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka