මිනුවන්ගොඩ වෙඩි හුවමාරුවක්! රට ඉන්න ඌරගහ ඉන්දිකගේ ගෝලයන් දෙදෙනෙක් STF එකෙන් මැරුම්කයි!
මිනුවන්ගොඩ පොල්වත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට විදේශගතව සිටින ඌරගහ ඉන්දිකගේ ප්‍රධාන ගෝලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
එහිදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොද්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.
සැකකරුවන් යක්කලමුල්ල ප්‍රදේශයේදී වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු සහ ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන වෙඩික්කරු සහ යතුරුපැදිකරු බවට හඳුනාගෙන ඇත.
මෙහිදී T-56 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 පතුරම් තුවක්කුවක් සහ රම්බෝ වර්ගයේ පිහියක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත.
විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොද්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.
සැකකරුවන් යක්කලමුල්ල ප්‍රදේශයේදී වයස අවුරුදු 4ක කුඩා දරුවෙකු සහ ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන වෙඩික්කරු සහ යතුරුපැදිකරු බවට හඳුනාගෙන ඇත.
මෙහිදී T-56 වර්ගයේ ගිනි අවියක්, බෝර 12 පතුරම් තුවක්කුවක් සහ රම්බෝ වර්ගයේ පිහියක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව ඇත.
විශේෂ කාර්ය බළකායේ මූලස්ථාන කඳවුරේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
මිනුවන්ගොඩ වෙඩි හුවමාරුවක්! රට ඉන්න ඌරගහ ඉන්දිකගේ ගෝලයන් දෙදෙනෙක් STF එකෙන් මැරුම්කයි!
2022-11-18T12:19:00+05:30
Lanka Hot News