gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එයාබස් ගනුදෙනුවෙන් ශ්‍රී ලංකන් සමාගමට සිදුවුන බිලියන 17 පාඩුව අයකරගන්නා හැටි විගණනය කියයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින්  A 350-900  ගුවන් යානා 04ක්  බදු පදනම මත ලබාගැනීම සඳහා වු  බදු ගිවිසුම අවලංගු කිරීමේ ක්‍රියාවලියේ දී  රුපියල් මිලියන 16,924.36ක ( බිලියන  16.9243ක)  අලාභයක් ගුවන් සාමගමට සිදුවී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

කෙසේවුවද  මෙම ගණුදෙනුවට අදාළව  එවකට  ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ  ප්‍රධාන විධායක නිලධාරියාගේ බිරියට අයත්  සමාගමකට  ගෙවීම් කිරීමට  එයාර්බස් සේවකයින්  එකඟ වී තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මේ බව එක්සත් රාජධානියේ  ක්‍රවන් උසාවියේ තින්දුවෙන්  ද අනාවරණය වි තිබුණි. මේ නිසා නීති උපදෙස් මත පදනම්ව   ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් එස්.ඒ.එස්. එයාර්බස් සමාගමෙන් A 350-900   ගුවන්යානා, මිලදී ගැනිමේ ගිවිසුම අවසන් කර තිබුණි.

ශ්‍රීලන්කන්  ගුවන් සමාගම විසින්   එස්.ඒ.එස්. එයාර්බස් සමාගම සමග  ගුවන් යානා මිලදි ගැනිම සඳහා ගිවිසුම්ගතව තිබු අතර .2016/2017 යන වර්ෂයන් වලදී  මෙම ගුවන් යනා ලබාදීමට නියමිතව තිබුණි.  

පෙර ගෙවුම් ලෙස එස්.ඒ.එස්. එයාර්බස් සමාගම වෙත ගුවන්යානා ගනුදෙනුව සඳහා  රුපියල් මිලියන 16,924.36ක  මුදල ගෙවා තිබුණි. ගුවන් සමාගමේ   හිටපු  ප්‍රධාන විධායක නිලධාරියාට  එරෙහිව, සමාගම විසින්  කිසිදු ක්‍රියාමාර්ගයක්  ගෙන නොතිබු අතර  අලාභය අය කරගැනීමට කටයුතුකර නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ නිසා සමාගමට සිදුවු අලාභය අයකරගැනිමට  එයාර්බස් සමාගමට සහ  හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට  එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

මේ අතර  2020/2021 යන වර්ෂවල  ලැබිමට නියමිත ව තිබු  A 350-900 මෙම ගුවන්යානා 04 වෙනුවට   A 321 නියෝ සහ A 330 නියෝ   ගුවන් යානා මිලදී ගැනීමට සමාගම හා එස්.ඒ.එස්. එයාර්බස් සමාගම අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබුණි.

මෙම වර්ෂයේ ඔක්තෝබර් මස 03වැනි දින වනවිට  ගුවන් යානා ලබා ගැනීමේ   පෙර ගෙවුම් ලෙස තවත් රුපියල් මිලියන  2528.12ක ( ඇමරිකානු ඩොලර් මිලියන  19.21)  මෙම සමාගම වෙත ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ගුවන් සමාගමේ කළමණාකාරිත්වය විසින්  මේ පිළිබඳ විගණනයට සඳහන් කොට ඇත්තේ  එයාර්බස් සමාගමේ  සේවකයින් විසින්  ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ  හිටපු ප්‍රධාන විධායක  නිලධාරියාගේ බිරිදට අයත්  සමාගමකට, ගුවන් යානා මිලදී ගැනිමේ ගනුදෙනුවට බලපෑම්  සිදුකිරීම සඳහා  ගෙවිම් කිරීමට එකඟ වී තිබු බවය.  

ඒ අනුව ශ්‍රිලන්කන් ගුවන් සමාගමට A 330-300 ගුවන් යානා 06ක් ,A 300-350 ගුවන් යානා 04ක්, මිලදී ගැනීමට හා   A 350-900  ගුවන්යානා 04 ක් කුලී පදනම මත ලබා ගැනීමේ ගනුදෙනුවට බලපෑම්  සිදුකිරීම සඳහා  ගෙවිම් කිරීමට එකඟ වී තිබූ බවය.

මෙකී ගුවන් යානා මිලදි ගැනීම සඳහා ගුවන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින්  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව  තින්දුකොට තිබුණි.

එමෙන්ම  ඒ සදහා විධිමත් පිරිවැය  ප්‍රතිලාභ විශ්ලේෂණයක්ද  සිදුකර නොතිබුණි.

lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka