සියලුම නිකායන්ගේ එකඟතාව මත ථෙරවාදි භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පතකට ආදළව ඒකමතිකව සිදුකරන ලද සංශෝධන අනුව නීති කෙටුම්පත් සම්පාදක වෙතින් නව කෙටුම්පතක් සැකසීමට කැබ්නට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
එමෙන්ම සියලුම නිකායන් විසින් ඉදිරිපත් කළ යෝජනා පදනම් කරගනිමින් වර්තමානයට උචිත පරිදි 1931 අංක 19 දරණ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කරමින් නව කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදක වෙතින් සකස් කර ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමව ඇත.
