හිරුණිකා පොලිස් නිලධාරීන් සිප වැලදගෙන අපයෝජනය කරනවා - පොලිසිය අධිකරණයට දැනුම් දෙයි!
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් සිප වැළඳ ගනිමින් ඔවුන් අපහසුතාවට පත්වන ලෙස කටයුතු කරන බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඊයේ දිනයේ මෙම කරුණු වාර්තා කිරීම සිදුකර ඇත්තේ පොලීසිය වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල්ද සිල්වා මහතා විසිනි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පොලිසියේ රාජකාරියට බාධා වන අයුරින් ප්‍රතිවිරෝධතා දක්වා ඇතැයි ද සහකාර පොලිස් අධිකාරිවරයා අධිකාරියට පෙන්වා දී තිබේ.
නීති විරෝධී ලෙස විරෝධතා පෙලපාලියක නිරත වූයේ යයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 15 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කරන අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.
අත්අඩංගුවට ගන්නා ලද සියළු දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට අධිකරණය නියෝග කරන ලදී.
හිරුණිකා පොලිස් නිලධාරීන් සිප වැලදගෙන අපයෝජනය කරනවා - පොලිසිය අධිකරණයට දැනුම් දෙයි!
2022-11-16T10:33:00+05:30
Lanka Hot News






