gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඡන්දය කල් දාන්න හදන මෙහෙයුමට තවත් මරු පහරක්! ඡන්දය තියන්න අයවැයෙන් සල්ලි වෙන් කරලා! අලුතෙන් සල්ලි හොයන්න දෙයක් නෑ! ඡන්ද කොමිසමේ සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

2022 අතුරු අයවැය මගින් මැතිවරණ කොමිෂන් සභාව සඳහා රුපියල් බිලියන 10ක මුදලක් ක් වෙන් කර ඇති බවත්, ඒ හේතුවෙන් 2023 මුල් භාගයේදී ප්‍රමාද වූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී.පුංචිහේවා පැවසීය. 
“අයවැය ප්‍රතිපාදන ප්‍රමාණවත් බැවින් මැතිවරණයේ මූලික කටයුතු අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට පුලුවන්. අපට කිසිසේත්ම මූල්‍ය ප්‍රශ්නයක් නැහැ,” යනුවෙන් පුංචිහේවා වැඩිදුරටත් පැවසීය.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කථානායකවරයා ඔක්තෝබර් 31 වැනිදා අත්සන් තැබීමත් සමඟ සියලු ස්වාධීන කොමිෂන් සභාවල සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ වැඩ කටයුතු නතර කළ බවත් පුංචිහේවා මහතා සදහන් කළේය.

“නමුත්, නව සභාපතිවරයා සහ අධ්‍යක්ෂවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පත් කරන තාක් කල්, ස්වාධීන කොමිෂන් සභා සාමාන්‍ය වැඩකටයුතු කරගෙන යන බවද පුංචිහේවා මහතා කීය.

කොමිසම විසින් 2022 ඡන්ද හිමි නාමලේඛනය පසුගිය මාසය අවසානයේ සහතික කර අවසන් කර ඇති බවත්, මේ වන විට සැප්තැම්බර් 30 වැනිදාට වයස අවුරුදු 18 සම්පූර්ණ කළ අයගේ නම් ඇතුළත් පරිපූරක ලැයිස්තුව සකස් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරමින් සිටින බවත් කී ඒ මහතා, 2022 වසරේ ඡන්ද හිමි නාමලේඛනය නොවැම්බර් මැද වන විට අවසන් කෙරෙනු ඇති අතර එමඟින් 2023 මුල් භාගයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකි වනු ඇති බවත් ප්‍රකාශ කළේය.

පළාත් පාලන ආයතන මැතිවරණ ආඥාපනතේ විධිවිධාන යටතේ ඡන්දය පවත්වා 2023 මාර්තු 20 වන දින වන විට පළාත් පාලන ආයතන 340ම ස්ථාපිත කළ යුතුය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka