gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජබෙන් ආණ්ඩුවට එන්නන්ට දෙන්න කෙහෙළියගේ සෞඛ්‍ය, ප්‍රසන්නගේ නාගරික සංවර්ධන ඇමති ධූර ගැලවෙයි!

සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක් වීම සඳහා සූදානම්වන මන්ත්‍රීවරුන් 04 දෙනෙක් වෙනුවෙන් ලබා දීමට සූදානම් වන කැබිනට් ඇමති ධූර 04 මේ වනවිටත් වෙන් කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව සෞඛ්‍යය, ආයෝජන ප්‍රවර්ධන, ළමා හා කාන්තා කටයුතු, නාගරික සංවර්ධන යන අමාත්‍යාංශ ලබා දීමට සැලසුම් කර ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 07කට සහ එක්සත් ජාතික පක්ෂයේ  වජිර අබේවර්ධනට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිදෙනෙකුට කැබිනට් ඇමති ධූර ලබා දීමට නියමිත බව එම ආරංචි මාර්ග අනාවරණයකරයි.

කෙසේ වෙත්ත ඇමති ධූර ලබා දීම සම්බන්ධව අවසන් තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ඊජිප්තු සංචාරයෙන් පසු ගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.

උපුටා ගැනීම : ලංකාසර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka