gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලාංකිකයින් 300ක් රැගත් යාත්‍රාවක් අනතුරට පත්වෙයි

සරණාගතයින් බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 300ක පමණ පිරිසක් රැගත් යාත්‍රාවක් වියට්නාම - සිංගප්පූරු මුහුදු සීමාවේදී මුදාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලී සබ්රි මහතාද තහවුරු කළේ,  ඔවුන් මෙරටට ගෙන්වාගැනීම සඳහා වියට්නාම බලධාරීන් සමග සාකච්ඡා අරඹා ඇති බවය. 
ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් LADY R3 නම් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව ඊයේ (07) අනතුරට ලක්ව ඇත්තේ, වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී ය.

යාත්‍රාව අනතුරට පත්වීමත් සමඟ එහි සිටි ලාංකිකයෙක් ඒ පිළිබඳව මෙරට නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය අමතා දැනුම් දී ඇති අතර, ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් වියට්නාම නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම්දී තිබේ.

ඒ වනවිට යාත්‍රාව වියට්නාම භූමියෙන් නාවික සැතපුම් 258ක් දුරින් යාත්‍රා කරමින් පැවති බව වියට්නාම මාධ්‍ය වාර්තා කළේය.

ඉන් පසුව වියට්නාමය විසින් සිංගප්පූරු සහ මැලේසියා රජයන් සමග සම්බන්ධ වී අදාළ යාත්‍රාව සම්බන්ධ තොරතුරු හුවමාරු කරගෙන තිබුණි.

ඒ අසලින් යාත්‍රා කරමින් පැවැති ජපානයට අයත් හිලියෝස් ලීඩර් නම් නෞකාව වෙත මේ සම්බන්ධයෙන් දැනුම්දී ඇති අතර, ඔවුන් සමග කළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව විපතට පත් එහි සිටි පිරිස මුදාගත් බව වාර්තා වේ.

මුදාගන්නා අවස්ථාවේදී යාත්‍රාව තුළ පිරිමි පුද්ගලයන් 264දෙනෙකු, කාන්තාවන් 19දෙනෙකු සහ ළමුන් 20දෙනෙකු එහි සිට තිබුණි.

ඔවුන් සියලුදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.

පසුව පිරිස වියට්නාමයේ වන්ග් ටාවූ වරාය වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී පිරිස වියට්නාම ආරක්ෂක අංශ භාරයට පත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් "අද දෙරණ" නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, මෙම පිරිස ගමන්ගත් යාත්‍රාව ශ්‍රී ලංකාවට අයත් එකක් නොවන බවය.

මේ සම්බන්ධයෙන් අප කළ වැඩිදුර සොයාබැලීමකදී අනාවරණ වුණේ එම පිරිස වෙනත් රටකට ගුවන් මගින් ගොස් එතැන් සිට මුහුදු මාර්ගයෙන් වෙනත් ගමනාන්තයකට යෑමට උත්සාහ දරා තිබූ බවය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka