ධනුෂ්කට ක‍්‍රිකට් ආයතනයෙන් සත පහක් වියදම් නොකරයි... සියළු වියදම් කරගන්නැයි දන්වයි
ලිංගික අතවර චෝදනාවකට ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුශ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේ දී සිදුකරන විමර්ශනයට අදාළව වියදම් ඔහු පෞද්ගලික දරාගත යුතු බව දැනුම් දී තිබේ.
ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ බව දැනුම් දීමෙන් පසු ඔහුට ඒ බව දන්වා යවා ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
මෙය ක්‍රීඩකයාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා ඒ සඳහා ක්‍රිකට් ආයතනයෙන් වියදම් දැරීම අනුමත නොකරන බවද ක්‍රීඩා අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබේ.
ඕස්ට්‍රේලියානු අධිකරණ ක්‍රියාවලිය අවසන් වූ පසු ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් මේ රට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටද තීරණය කර ඇත.
ධනුෂ්කට ක‍්‍රිකට් ආයතනයෙන් සත පහක් වියදම් නොකරයි... සියළු වියදම් කරගන්නැයි දන්වයි
2022-11-07T09:49:00+05:30
Gossip Lanka Hot News





