gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ මර්දනය නොතකා චීන ජනතාව දහස් ගණන් පාරට බහී (VIDEO)

විශ්ව විද්‍යාල සහ ශැන්හායි, බීජිං නගර ඇතුළු චීනය පුරා දැඩි කොරෝනා තුරන් කිරීමේ සෞඛ්‍ය නීති හේතුවෙන් චීන ජනාධිපති ෂි ජින්පින්ට සහ කොම්යුනිස්ට් පක්ෂයට බලයෙන් ඉවත් වන ලෙස බලකරමින් චීන ජාතිකයන් සියගණනක් විරෝධය ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 
ෂින්ජියැන්ග් පළාතේ නිවාස සංකීරණයක ඇති වූ ගින්නකින් 10 දෙනෙකු මියගොස් තවත් 9 දෙනකු මියයෑමේ සිද්ධිය මෙම විරෝධතා ආරම්භ වන්නට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

චීනය කොවිඩ් රෝගීන් වාර්තා වන ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් ගිනි නිවන භටයන්ට ගින්න නිවීමට පැමිණීමට ප්‍රමාද වී ඇතැයි සමාජ මාධ්‍යවල සැරිසරන වීඩියෝ දර්ශන අඟවයි.

කොරෝනා තුරන් කිරීමේ සෞඛ්‍ය නීතිවලට විරෝධය පළකර චීන නගර කිහිපයක සහ විශ්ව විද්‍යාලවල පෙරේදා (26) සහ ඊයේ (27) උදෑසන චීන ජනයා මෙසේ දැඩි විරෝධය එල්ල කර  ඇතැයි සමාජ මාධ්‍ය ජාලා වීඩියෝ දර්ශන සහ ඇසින් දුටු පුද්ගලයන්ගේ ගිණුම් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka