gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල් ගේ කණ්ඩායමට කැබිනට් ඇමතිකම් ලබා ගැනීමේ අවසන් බලපෑම කිරීමට අය- වැයට පෙර මහින්ද රනිල් හමුවීමට සැරසෙයි!

දැනට ජනතා අප්‍රසාදයට පත් වී සිටින නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමට කැබිනට් සංශෝධනයකින් අනතුරුව කැබිනට් ඇමතිකම් ලබා ගැනීම  සඳහා  අය – වැයට පෙර  කෙරෙන අවසාන තීරණාත්මක බලපෑම කිරීමට මහින්ද රාජපක්ෂ,  ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිත බවත් ජනාධිපතිවරයා ඊජිප්තු සංචාරය අවසන් වී පැමිණි වහාම මේ හමුව සිදුවනු ඇති බවත්  විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

මේ වනතුරුත් ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත්තේ බලපෑම්වලට යටත්ව අය – වැයට පෙර  කැබිනට් සංශෝධනයක් නොකිරීම බව ද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින්   කැබිනට් ඇමතිකම් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා  වෙත  12 දෙනෙකුගේ ලයිස්තුවක් ඉදිරිපත් කර තිබිණි.

එම කණ්ඩායමට දැනට බලවත් ජනතා අප්‍රසාදයට පත් වී සිටින නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධණ, සනත් නිශාන්ත ඇතුළු පිරිසක් ඇතුළත්  විය.

එහෙත්  මෙම  ලයිස්තුවේ ජනතා  විරෝධාතා මතුව ඇති නාමල්, ජොන්ස්ටන්, රෝහිත, සනත් ඇතුළු කණ්ඩායමට කැබිනට්   ඇමතිකම් නොදී සෙසු පිරිසට ඇමතිකම් දීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමක් විසින්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන්  දිගින් දිගටම ඉල්ලා ඇතැයි ආණ්ඩු පාර්ශවයේ ආරංචි මාර්ග කියයි.

මේ තත්ත්වය තුළ කැබිනට් මණ්ඩලය පත් කරගැනීමේ අභ්‍යන්තර අර්බුදය දිගින් දිගටම තීව්‍ර වී ඇති අතර ජනාධිපතිවරයාට බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම් විසින් තර්ජනය කරන තැනට තත්ත්වය පහළට වැටී ඇත.

කෙසේ වෙතත් විරෝධයට බඳුන්ව සිටින නාමල් ජොන්ස්ටන්, රෝහිත සහ සනත්ට ඇමතිකම් දිය යුතු බවට දැඩි ස්ථාවරයක    මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ  සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියයි. .

මේ හේතුවෙන් උද්ගතව ඇති තීව්‍ර අර්බුදය  නිරාකාරණයට ඊජිප්තු සංචාරයෙන් පසු, අය – වැයට පෙර මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

උපුටා ගැනීම : ලංකාසර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka