gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුස්ලිම් සිංහල ගැටුමක් ඇති වේ යැයි බියෙන් නීති විරෝධී ගව ඝාතනාගාර වැටලූ පොලිස් පරික්ෂකවරයා අලුත්ගම පොලිසියෙන් මාරු කරලා…

අළුත්ගම, දර්ගානගරය ආශ්‍රිතව බලපත්‍ර නොමැතිව නීති විරෝධී අයුරින් පවත්වාගෙන යනු ලබන ගව ඝාතකාගාර දිගින් දිගටම ටැටලීම් සිදුකල අළුත්ගම පොලීසියේ  ප්‍රජා පොලිස් හා පාරිසරික අංශයේ ස්ථානාධිපතිධූරට දරූ  පොලිස් පරීක්ෂකවරයා   වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (19) දින සිට කළුතර පොලිස් ස්ථානයට මරු කර තිබේ.
ඉකුත් බ්‍රහස්පතින්දා (17) දින අළුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාත්,  ප්‍රජා පොලිස් හා පාරිසරික අංශයේ ස්ථානාධිපතිවරයාත්  දිස්ත්‍රික්කයේ ඉහළම පොලිස් බලධාරියෙක්  විසින් කැඳවා නීති විරෝධි ගව ඝාතකාගාර වැටලීම නවත්වන ලෙසට උපදෙස් දී ඇත.   නමුත් මෙම උපදෙස් නොතකා අළුත්ගම පොලීසිය විසින් නීති විරෝධී ගව ඝාතාකාගාර වැටලීම් දිගින් දිගටම සිදුකර තිබෙන බවද දැන ගන්නට තිබේ. 

මේ සම්බන්ධයෙන් අළුත්ගම පොලීසියේ අදහස වී ඇත්තේ උසස් පොලිස් නිලධාරීන් ලබා දී ඇති උපදෙස් නීත්‍යානුකූල නොවන බව යැයිද අළුත්ගම පොලීසියේ ඉහළම නිලධාරියෙක් සඳහන් කළේය. 

ඊයේ (19) දිනයේදී මෙම ගව ඝාතාකාගාර වැටලීම් සඳහා පොලිස් පරීක්ෂකවරයා ගිය අවස්ථාවේ දී  ඉහළ පොලිස් නිලධාරියෙක්    අළුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් දී ‘අර මිනිහට හරක් පස්සේ එලවන්නේ නැතුව ඇතුළට එන්න කියන්න’ යැයි දන්වා ඇතැයි අලුත්ගම පොලිසියේ ආංචි මාර්ග පවසයි.

අළුත්ගම, දර්ගානගරය ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ගව ඝාතාකාගාර 10 ක් පමණ පවත්වාගෙන යන බවත්  දර්ගානගරයට ආසන්න අධිකාරිගොඩ, මිහිරිපැන්න, වරාපිටිය යන ප්‍රදේශ වල මෙම ගව ඝාතාකාගාර තිබෙන බවත් අළුත්ගම පොලීසිය විසින් කරන ලද වැටලීම් වලදී තහවුරුකර ගෙන තිබේ.

උක්ත පොලිස් පරීක්ෂකවරයා  අළුත්ගම පොලීසියේ ප්‍රජා පොලිස් හා පාරිසරික අංශයේ ස්ථානාධිපති ලෙස පත් වීමෙන් පසු දිගින් දිගටම නීති විරෝධී ගව ඝාතකාගාර සම්බන්ධයෙන් වැටලිීම් සිදුකර තිබෙන බවත් පසුගිය සති දෙකක පමණ කාලයක සිට දින දෙක තුනකට වරක් වැටලීම් සිදුකර තිබෙන බවත් වාර්තා වේ. 

මෙම සියළු වැටලීම් අළුත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ    පූර්ණ අධීක්ෂණය හා උපදෙස් පරිදි සිදු කර තිබෙන බවද දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් කළුතර දිසාව බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසුවේය.   

“මෙම ගව ඝාතකාගාර වැටලීම් පිළිබද දිගින් දිගටම පැමිණිලි ලැබුණා. මුස්ලිම් පල්ලි වලින් පවා අළුත්ගම පොලීසිය අසාධාරණ ලෙස වැටලීම් සිදුකරන බව දැනුම් දුන්නා. ගවමස් අනුභව කිරීම මුස්ලිම්වරුන් විශාල වශයෙන් සිදුකරනවා. මේ කියන ප්‍රදේශවල හරක් මස්කන පවුල් 500 ක් පමණ ඉන්නවා.“ 

“මෙම  පොලිස් පරීක්ෂකවරයා   දිනපතාම පාහේ මෙම වැටලීම් සිදුකරන බවටද මුස්ලිම් ප්‍රජාව චෝදනා කරනවා. උදේටත් යනවා, දවාලටත් යනවා, රෑටත් යනවා කියනවා. මුස්ලිම් ප්‍රජාව දැනුවත් කරන්නේ පාසැල් යන කුඩා ළමුන් පවා මේ පොලීසියේ පැමිණිමෙන් බියට පත්ව තිබෙන බවයි. ඒ නිසා මුස්ලිම් සිංහල ගැටුමක් ඇති වීම වලක්වා ගැනීමට අපි පියවර ගත යුතුව තිබෙනවා.“

“මුස්ලිම් ප්‍රජාව මෙම පොලිස් පරීක්ෂකවරයාට පහර දෙන්න පවා සූදානමින් ඉන්න බවට අපිට දැන ගන්නට ලැබුණා. එහෙම වුණොත් එය පොලිස් දෙපාර්තමේන්තුවටම කැලලක් වෙනවා. අපි නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම නිලධාරීන් කැදවා අදාල වැටලීම් නතර කරන ලෙස උපදෙස් දුන්නා. එතන මමත් හිටියා. නමුත් වැටලීම් නතර වුණේ නැහැ. ඒ නිසා ස්ථාන මාරුව කරන්න සිදු වුණා.“  යැයිද  පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේය.
ජයකාන්ත ලියනගේ  –  බළපිටිය
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka