gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු තහනම් වගන්තියට විරුද්ද බව පොහොට්ටුව දන්වයි!

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වන ලෙස 22 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වගන්තියට එකඟවීමට බැරිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට දන්වා තිබේ. 
තම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත්කර තිබෙන්නේ ද්විත්ව පුරවැසියකු බවත් ඔහු එම ධුරයට පත් කරන ලද්දේ පක්ෂයේ ප්‍රතිපත්ති වලට අනුකූලව බවත් එම මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දී ඇත.

විසි දෙවන සංශෝධනය ගෙනවිත් ද්විත්ව පුරවැසි බව සහිත අයට පාර්ලිමේන්තුවට ඒමට නොහැකි කළහොත් එය පක්ෂයේ ප්‍රතිපත්තිවලට කරන ගෞරවයක් නිසා එම කොන්දේසියට එකඟ වීමට බැරි බව එම මන්ත්‍රීවරුන් අධිකරණ අමාත්‍යවරයා වෙත දන්වා තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු විසින් මේ බව දන්වා ඇතැයිද වාර්තා වේ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka