gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිරගෙදර ඉන්න වසන්ත මුදලිගේට ජීවිත තර්ජනයක්!

දැනට රැඳවුම් භාරයේ සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රාත්‍රී කාලයේ බන්ධනාගාරයෙන් පිටතට අරන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවා. 
එය ඔහුගේ ජීවිතයට විශාල තර්ජනයක් බවද සඳහන් කළා.

ඊයේ (03) පාර්ලිමේන්තුවේදී ඒ මහතා මෙසේ සදහන් කලේ.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“වසන්ත මුදලිගේ, සිරිදම්ම හිමි සහ තවත් අයකු දින 45ක් බන්ධනාගාරගත කරලා තියනවා. ඒ කටයුතු නීතිය අනුව සිද්ද වෙනවා. නමුත් මෙතන තියන ප්‍රශ්නය තමයි වසන්ත මුදලිගේව රාත්‍රී කාලයෙදි යම් යම් ස්ථාන පෙන්වන්න කියලා බන්ධනාගාරයෙන් එලියට අරන් යනවා. ඔබතුමා දන්නවනේ පරණ කතාව. ස්ථාන පරික්ෂණයට ගියා පස්සේ පැනලා ගියා වෙඩි තිබ්බා. පරික්ෂණ කරන්න පුලුවන් නමුත් රාත්‍රී කාලයේ කරන්න ඕනෙද? මේක ඇත්තටම ඔහුගේ ජිවිතයට විශාල තර්ජනයක් මේ ගැන හොයලා බලන්න”


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka