gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බැඳුම්කර හොරා කියලා කියලා රනිල්ට බැන්න රාජපක්ෂලා දැන් රනිල්ගේ ගුණ වයන හේතුව සජිත් මහ සෙනගක් මැද තෙල්දෙණියේදී කියයි! රාජපක්ෂලාගේ හොරකම් වහලා හොර ඇමැතිවරුන් ආරක්ෂා කරන්නේ රනිල්! (VIDEO)

බැදුම්කර හොරා යනුවෙන් පසුගිය යහපාලන කාලයේ සිට කෑමොර ගසා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බැන වැදුණු රාජපක්ෂවරු මේ වන විට ඔහුගේ ගුණ ගායනා කරමින් සිටින බවත් එසේ ගුණ ගායනා කරමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ එක්ව ඇත්තේ ඔහු විසින් රාජපක්ෂලාගේ හොරකම්, වංචා, දූෂණ යටපත් කරමින් රාජපක්ෂලා ප්‍රමුඛ පොහොට්ටු මැති ඇමතිවරුන් ආරක්ෂා කරන නිසා බවත් එබැවින් නැවතත් කළුතරින් නැගිටින බවට කෑ මොර දෙමින් රාජපක්ෂලා නැවත බලය ලබා ගැනීමට කරනා මේ උත්සාහ පරාජය කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (08) පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව මේ බව පවසා සිටියේ තෙල්දෙණිය සමගි ජන බලවේගයේ ආසන බලමණ්ඩලය අමතමිනි. එහි ප්‍රධාන සංවිධායක චන්න ගලප්පත්තී මහතා විසින් එය සංවිධානය කරනු ලැබීය.

රට විනාශ කළ රට බංකොලොත් කළ අපේ රට හිඟන රටක් කළ මේ රාජපක්ෂ හොර කල්ලියට එක්ව නැගිටීමට නැවත අවස්ථාව ලබා නොදිය යුතු බවත් එසේ වුවහොත් නැවතත් රට විනාශයෙන් විනාශයට යෑම වැළැක්විය නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින්නේ පුළුවන් නම් මැතිවරණයක් තියා ජනතාවගේ තීන්දුව බලන ලෙස යි. එසේ ම මේ අවස්ථාවේ ඇති එකම විකල්පය ජන දුක හදුනන, ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර ලබා දෙන එකම විකල්ප සමගි ජන බලවේගය බැවින් මැතිවරණයක් පවත්වා ජනතා මතය බලන ලෙසත් ඉල්ලා සිටියේය.

රටත් ජනතාවත් විනාශ කර බංකොලෙත් කළ පොහොට්ටුව නැවත එක්ව කළුතරින් නැගිටින බවට වන ප්‍රචාර ගෙන යන බවත් එහෙත් රටත් නූපන් දරු පරපුරත් ගර්භනී මවත් කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා විනාශ කළේ රාජපක්ෂ පවුල ප්‍රමුඛ පොහොට්ටුව බවත් ඔවුන්ගේ උද්දච්චකම, දර්ශනයක් වැඩපිළිවෙළක් චින්තනයක් හා හැකියාවක් නොමැති කම තුළ බොරු සෙල්ලම් නාට්‍ය නිර්මාණය කර රටම මංමුලා කළ රාජපක්ෂ පවුල සහ නායකත්වය නැවතත් රට ගොඩනැගීමට එක්ව නැගිටින බව කියන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය ය.

ගෝඨාභය ගෙන යන වැඩපිළිවෙළක සහාය දිය යුතු බවට මහින්ද රාජපක්ෂ එම රැස්වීමේ දී ප්‍රකාශ කළත් පසුගිය කාලයේ ලක්ෂ සංඛ්‍යාත මහා ජන ගංගාවක් එකට එකතු වී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව බෙල්ලෙන් අල්ලා රටින් එලවා දැමූ බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ ඉස්සර රනිල්ට බැන්න මහින්දලා දැන් රනිල්ගේ ගුණ ගයන බව යි.

ජනාධිපතිවර ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව මේ වන විට ජනතාවට බය වී නව නීති ගෙන එන බවත් එම නීති මගින් පුනරුත්ථාපන කාර්යාංශයක් ස්ථාපිත කර ඒ හරහා අරගල කළ තරුණයන් සිරගත කර මර්දනය කර රාජ්‍ය මිලේච්ඡත්වයෙන් යටපත් කිරිමට උත්සාහ කරන බවත් වහාම ඒ පුනරුත්ථාපන කාර්යාංශය සහ නීති රීති වහාම හකුලා ගත යුතු බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ මානව අයිතිවාසිකම්වලට විරුද්ධ දෙයක් බවත් එවැනි අනීතීක වැඩසටහන් ගෙනවිත් රට විනාශ කිරිමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.

එසේ ම ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට යොදා ගත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනීතික ලෙස යොදා ගෙන ප්‍රජාතන්ත්‍රවාදය ජන ජීවිතය විනාශ කිරීමට යොදා ගන්නා බවත් ඒ සඳහා කිසිදු අයිතියක් රජයට නොමැති බවත් මේ රජය ඒ පනත උපයෝගී කර ගෙන භික්ෂූන් වහන්සේලා පවා සිරගත කර ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාවගේ දුක්ගිනි වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් අරගල කළ තරුණයන් සිරගත කිරීම තුළින් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංඝනය වී ඇති බව යි.

2019 පෙර තුන් වේල කා සතුටින් ජීවත් වූ ජනතාව මේ වන විට වේලක් දෙකක් කාල දුකසේ ජීවත් වන බවත් කර්මාන්ත ශාලා වැසී යාම නිසා තරුණ පරපුරට රැකියා නොමැති වී ඇති පසුබිමක මැති ඇමතිවරු පෝලිමේ දිවුරුම් දී රටට තවත් බරක් වන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තුවාලයකට බේත් දමන ග්‍රෝස් කෑල්ලක්වත් ගත නොහැකි රටේ රාජ්‍ය ඇමතිවරු 38 දෙනකු සැපසේ සිටින බව යි
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka