gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විශේෂඥ වෛද්‍ය හිගය තවත් දරුණු වෙයි.. දැනටත් අවශ්‍යතාවයෙන් 45% අඩුවක්…

විශේෂඥ වෛද්‍යවරුන් 250 දෙනෙකු එකම දිනයක විශ්‍රාම ගැන්වීම නිසා සෞඛ්‍ය සේවා සැපයීම හා පශ්චාත් වෛද්‍ය පුහුණුවට එමගින් කිසියම් හෝ බලපෑමක් සිදු නොවන බවට විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් කරන ලැබූ ප්‍රකාශය හා එයට ප්‍රධාන මාධ්‍ය මගින් ලබා දුන් ප්‍රචාරය වැරදි සහගත, වංක මෙන්ම ජනතාව නොමග යවන සුළු නිවේදනයකි.

විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම නිසා 31/12/2022 දින විශ්‍රාම යැවීමට සිදුවන 249 පමණ වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව, 2023 වර්ෂය තුල දී විදේශීය පුහුණුව නිමකර මෙරටට නැවත පැමිණෙතැයි බලාපොරොත්තු වන 299 පමණ වන විශේෂඥ වෛද්‍යවරුන් විසින් සපුරා ගැනීමට හැකි වෙතැයි යන නිගමනය පහත සඳහන් කරුණු නිසා අපට බලාපොරොත්තු විය නොහැක.

1. මෙම විශේෂඥ වෛද්‍යවරුන් සියලු දෙනාම එකවර ජනවාරි මස මෙරටට නොපැමිණෙන අතර එය එම වර්ෂය පුරාම සිදුවන ක්‍රියාවලියකි.

2. මෙයින් යම් ප්‍රමාණයක් වෛද්‍යවරුන්ට ඔවුන්ගේ විශේෂඥ පුහුණුව සම්පූර්ණ කිරීම සඳහා මෙරට යම් කාලයක් තවදුරටත් පුහුණුවීම් කළ යුතුව ඇති බැවින් පැමිණි විගස ඔවුන් වැඩ බලන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස හෝ පත් කළ නොහැක.

3. රටේ ඇති වර්තමාන තත්ත්වය මත මෙම සියලුම වෛද්‍යවරුන් නැවත ලංකාවට පැමිණීමේ හැකියාව ගැන අපට සුභවාදී බලාපොරොත්තු තබා ගත නොහැක.

4. ඔවුන් එසේ ලංකාවට පැමිණියද විශේෂඥ පුහුණුව අවසන් කළ බවට පශ්චාත් උපාධි ආයතනය සහතික කල පසු ඔවුන් නැවත ලංකාව අතහැර යාමේ හැකියාව, රටේ දැනට ඇති ආර්ථික හා සමාජයීය හේතුන් මත ඉතා විශාලය.

5. මෙම වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පශ්චාත් උපාධි ආයතනය මගින් සහතික කිරීම සඳහා එම ආයතනයේ අවශ්‍යතාවන් සපුරා ඇති බවට සහතික කිරීමට ඔවුන්ට ප්‍රමිති පරීක්ෂණ සම්පූර්ණ කිරීම සඳහා යම් කාලයක් ගත වන බැවින් ඔවුන් ලංකාවට පැමිණි විගසම ඔවුන්ට විශේෂඥ වෛද්‍යවරුන් ලෙස සේවය කළ නොහැක. එමෙන්ම ඔවුන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පත් වුවද ඔවුන්ට නව විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම සඳහා ආචාර්යවරුන් ලෙස කටයුතු කළ නොහැක.

මෙලෙස විශාල ප්‍රමාණයක් විශේෂඥ වෛද්‍යවරුන් එක දිනකදී විශ්‍රාම යැවීම නිසා, පශ්චාත් වෛද්‍ය පුහුණු කිරීමේ ක්‍රියාවලියට සිදුවන හානිය, පශ්චාත් වෛද්‍ය පුහුණු ආයතනයේ අධ්‍යක්ෂවරයා විසින් 05/10/2022 දින සෞඛ්‍ය ලේකම්තුමා වෙත යොමු කළ ලිපිය මගින් ද පැහැදිලි කර ඇත.

තවද විශේෂඥ වෛද්‍යවරුන් 249 එකවර විශ්‍රාම යැවීම නිසා ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විශේෂඥ වෛද්‍යවරුන්ගේ මාරුවීම් ක්‍රියාපටිපාටිය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බැවින් ( ඇබෑර්තු පිරවීමට සුදුස්සන් තේරීම, රාජ්‍ය පරිපාලන කොමිෂන් සභාව එම මාරුවීම් ස්ථිර කිරීම වැනි තරමක් දිගු ක්‍රියාවලිය) ඒ සඳහා කල් ගත වන අතර ඒ හරහා රටේ පිට පලාත්වල ඇතිවන පුරප්පාඩු පිරවීම ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක් වනු නොඅනුමානය.

එමෙන්ම දැනටමත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයෙන් 45% පමණ අඩුවක් පවතින බැවින් විශේෂඥ වෛද්‍යවරුන් 249 දෙනෙකු එකම දිනයක විශ්‍රාම යාම නිසා විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය තවත් අර්බුදකාරී වනු ඇත.

විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු
සභාපති
විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka