gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජබ, ශ්‍රීලනිප ය 22ට සහය දෙන බව කියයි

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබාදීමට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 
ව්‍යවස්ථාදායක සභාවට සිවිල් සමාජයේ සාමාජිකයින් පත්කිරීමේදී අගමැති සහ විපක්ෂ නායකවරයා එකඟතාවයෙන් තෝරා ගැනීම, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වීමේ තහංචිය එලෙසම පැවතීම සහ පාර්ලිමේන්තුව වසර දෙක හමාරකින් විසිරවීමට ජනාධිපතිවරයා සතු බලය එලෙසම තබා ගැනීම යන කරුණු තුන විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබා ලබාදීම සඳහා කොන්දේසි වශයෙන් ඉදිරිපත් කරන බවද විපක්ෂනායකවරයා කීය.

මේ අතර, අද පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායක හා හිටපු ජනපති – මෛත්‍රීපාල සිරිසේන මහතා ද පැවසුවේ සිය පක්ෂය විසින් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන බවයි.

“මෙම සංශෝධනයට ඡන්දය පාවිච්චි කරන්නේ වෙනත් කිසිම හේතුවක් නිසා නෙමෙයි…අපි පිළිගන්නවා මෙය ජනතාවගේ පැත්තෙන් ඉතාමත්ම හොඳ සංශෝධනයක් කියලා. ඒ නිසා ජනතාවගේ පැත්තෙන් ඉඳලයි අපි මේ සංශෝධනයට ඡන්දය පාවිච්චි කරන්නේ,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත්, මෙම ව්‍යාවස්ථා සංශෝධනය මගින් පමණක්ම රටේ පවතින මූලික ප්‍රශ්ණ විසඳෙන්නේ නැති බැවින් ඒ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරන මෙන් සිරිසේන මහතා ඉල්ලා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka